ඩී.ඩී.ජී. අනෝජා සෙනෙවිරත්න

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස එම දෙපාර්තමේන්තුවේ වසර 33ක සේවා කාලයක් සම්පූර්ණ කළ ඩී.ඩී.ජී. අනෝජා සෙනෙවිරත්න පසුගියදා වැඩ භාරගත්තාය.


හිටපු අධ්‍යක්ෂ ජනරාල් පී.එම්.පී.අනුර කුමාර විශ්‍රාම යාම හේතුවෙන් පුරප්පාඩුවූ එම ධුරයට පත්වීමට ප්‍රථම ඇය එම දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් 1 ලෙස කටයුතු කළාය.  

ඇය කොළඹ විශ්ව විද්‍යාලයේ විද්‍යාවේදී උපාධිධාරිනියකි. 

1990 වර්ෂයේ සිට දෙපාර්තමේන්තුවේ විවිධ තනතුරු දරමින් මේ දක්වා වසර 33ක  කාලයක් ඇය දෙපාර්තමේන්තුවේ විවිධ අංශවල මෙන්ම විවිධ අමාත්‍යාංශ වලට අයත් සංඛ්‍යාලේඛන අංශවල සේවය කර ඇත. 

 2017වර්ෂයේ සිට ජන සංගණන හා ප්‍රජා විද්‍යා අංශයේ සහ සිතියම් විද්‍යා අංශයේ අධ්‍යක්ෂ ධූර දරමින් කටයුතු කළ ඇය 2019 වර්ෂයේ සිට මේ දක්වා ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් 1 තනතුරේ සේවය කරමින් වර්තමාන ජන හා නිවාස සංගණනය මෙහෙයවීමේ කටයුතු මෙන්ම දෙපාර්තමේන්තුවේ තාක්ෂණික අංශ ගණනාවක අධීක්ෂණය භාරව කටයුතු කර තිබුණි.

 ඇය කොළඹ විශ්ව විද්‍යාලයේ ව්‍යවහාරික සංඛ්‍යානය පිළිබද පශ්චාත් උපාධිය එම විශ්ව විද්‍යාලයේම පරිගණක තාක්ෂණය පිළිබද පශ්චාත් උපාධි ඩිප්ලෝමාව, ආර්ථික සංවර්ධනය පිලිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාව, කොළඹ විශ්ව විද්‍යාලයේ ම ජනගහන අධ්‍යයනය පිළබදව පශ්චාත් උපාධි ඩිප්ලෝමා ධාරිනියකි.


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්