ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මූලිකත්වයෙන් 'පුටුව' ලකුණෙන් පුළුල් සන්ධානයක් නිර්මාණය කිරීමේ සියලු කටයුතු අවසන් ඇතැයි එම පක්ෂ ආරංචි මාර්ග පවසයි.


ඒ අනුව සුදුසු නැකැතක් සකස් කර ලඟදීම නව සන්ධානය කොළඹදී එළිදැක්වීමට තීරණය කර තිබේ.

සියලු පක්ෂ, කණ්ඩායම් සහ මන්ත්‍රිවරුන් සමඟ දීර්ඝ වශයෙන් සාකච්ඡා කර විශාල පිරිසක් නව සන්ධානය සමඟ එක්වීමට කැමැත්ත පළ කර ඇති බවත් ඒ අනුව ‘පුටුව' ලකුණෙන් පොදුජන එක්සත් පෙරමුණ නමින් නව සන්ධානය එළිදැක්වීමට ඔවුන් එකඟතා පළ කර තිබෙන බවත් ශ්‍රීලනිප ආරංචි මාර්ග සඳහන් කළේය.

ඊට අදාලව එම පෙරමුණේ ව්‍යවස්ථාවට සංශෝධන කිහිපයක් එක් කර ඇති අතර එයද කෘත්‍යාධිකාරී මණ්ඩලය සහ මහා සම්මේලය මගින්ද අනුමත කර තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ද 45කට අධික පිරිසක් 'පුටුව' ලකුණෙන් සන්ධාන ගත වීමට කැමැත්ත පළ කර තිබෙන බවත් එම පෙරමුණට නව නායකත්ව මණ්ඩලයක් ඇති කිරීමට තීරණය කර තිබෙන අතර සන්ධානයට එක්වන පක්ෂවල එකඟතාව මත ලබන සතියේ අලුත් නිලධාරී මණ්ඩලයක්ද පත් කිරීමට නියමිත බවත් වාර්තා වේ.

මහින්ද අමරවිර සහ තිලංග සුමතිපාල ඉල්ලා අස්වෙයි ද !

මේ අතර මහින්ද අමරවිර සහ තිලංග සුමතිපාල එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් ධුරයෙන් ඉල්ලා අස්වී ඇතැයි ශ්‍රීලනිප ආරංචි මාර්ග පවසයි.

 එම ඉල්ලා අස්විමේ ලිපි ශ්‍රීලනිප සභාපති, මෛත්‍රීපාල සිරිසේන වෙත භාර දී ඇතැයි ද වාර්තාවේ. 

මහින්ද අමරවීර ඇතුළු කණ්ඩායම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මතයට විරුද්ධව යමින් රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවේ අමාත්‍ය තනතුරු ලබාගැනීම නිසා මහින්ද අමරවීර ගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීම සහ ඔහු පක්ෂයේ දැරූ තනතුරු වලින් නෙරපීම නිසා පුරප්පාඩු වූ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රධාන ලේකම් ධූරයට, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ යෝජනා ස්ථිරත්වයෙන් තිලංග සුමතිපාල පත්කරනු ලැබිය. 

එලෙස තිලංග සුමතිපාල ලේකම් ධුරයට පත්කිරීම අභියෝගයට ලක් කරමින් මහින්ද අමරවීර අධිකරණය හමුවේ නඩුවක්  ගොනුකර ඇත. ඒ අනුව  අමරවීර හා තිලංග සුමතිපාලගේ ඉල්ලා අස්වීමේ ලිපි දෙක වහාම අධිකරණය හමුවට ඉදිරිපත් කර ඒ සම්බන්ධයෙන් පවතින නඩුව සමතයකට පත්කර ගැනීමට තීන්දුකර ඇත. 


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්