මාර්ගගත ක්‍රමවේදයන් සම්බන්ධයෙන් ඉදිරියේදී අමෙරිකානු රජය ගෙන එන නීතිවලට එකඟ වන බව අන්තර්ජාල සේවා සපයන අන්තර්ජාතික ආයතන

ප්‍රධානීන් පෙරේදා (31) එකඟ වී තිබේ.

මෙටා (Meta), ටික්ටොක් (TikTok), ස්නැප් (Snap), ඩිස්කෝඩ් (Discord) සහ පෙර ට්විටර් (Twitter) ලෙස හැඳින්වුණු වත්මන් එක්ස් (X) ඇතුළු ප්‍රධාන සාමාජ මාධ්‍ය ආයතන 5 ක විධායක නිලධාරීන් ඊයේ (31) ඇමරිකා එක්සත් ජනපද කොන්ග්‍රස් මණ්ඩලයේ අධිකරණ කමිටුව වෙත කැඳවා එහි කටයුතු පිළිබඳව විමසා තිබිණි.

මෙහිදී අවධානය යොමු වූයේ මාර්ගගත ක්‍රමවේදයන්හි පවතින අනාරක්ෂිත භාවය හේතුවෙන් සමාජයට ඇතිවී තිබෙන අහිතකර බලපෑම් නැවැත්වීමට අදාළ ආයතන අපොහොසත් වීම පිළිබඳව හේතු විමසා තිබේ.

මෙම කණ්ඩායමේ සමාජ මාධ්‍ය වේදිකා තුළින් විවිධ පාර්ශ්වයන්ට සිදු වන හානිය නැති කිරීමට ඔවුන් ස්වේච්ඡාවෙන්ම අපොහොසත්වීම නිසා ඉදිරියේදි ඇමරිකානු රජය ගෙන එන නීති වලට එකඟවන බව අන්තර්ජාල සේවා සපයන මෙම ආයතනවල ප්‍රධානීන් මෙහිදී ප්‍රකාශ කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුනි. 


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image