ව්‍යවස්ථාදායක සභාව ජනාධිපතිවරයාගේ අතකොලුවක් බවට වන ප්‍රචාර දියත් කරන මුත්, එය ජනාධිපතිවරයාට හිතුමතේට පාලනය කළ හැකි

රූකඩයක් නොවන බව විපක්ෂ නායකවරයා අවධාරණය කරයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව හෝ එහි සාමාජිකයන් පඹයන් නොවන බවත් එහි සාමාජිකයන් කටයුතු කරන්නේ ප්‍රබුද්ධ ප්‍රශස්ත තීන්දු ලබා ගෙන සංවරණ සහ තුළන අනුව බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කියා සිටියේය.

ඔහු එබව කියා සිටියේ 'සක්වල සුහුරු පන්ති කාමර' ලබා දීමේ වැඩසටහනේ 76 වැනි අදියර යටතේ මධුරාපුර අසාෆා මහා විද්‍යාලයට සුහුරු පන්ති කාමරයක් ලබා දීමේ අවස්ථාවේදී ය.


ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවක් පවා පත් කළේ ජනපතිගේ බලය සීමා කරමින් ප්‍රධාන තනතුරවලට පත් කිරීමේ දී ජනපතිගේ තනි මතයට හිතුමතයට පත් කිරීම් සිදු කිරිම සීමා කර එම පත්කිරීම්වලින් කොටසක් සිදු කිරීම ව්‍යවස්ථා සභාවටත් කොටසත් ජනාධිපතිවරයාගේ පත්කිරීම් අනුමත කිරීම හෝ ප්‍රතික්ෂේප කිරීම ව්‍යවස්ථා සභාවටත් ලබා දීම තුළ විධායක ජනාධිපතිවරයා සතු අසීමිත බලතල සීමා කර ඇති බවද විපක්ෂ නායකවරයා පැවසිය. 


රටේ සුපිරිම බලතල ඇති විධායක ජනාධිපතිකමක් රටේ ඇති බවට සිතුවත් යථාර්ථය වන්නේ ජනඅරගලයත් සමඟ විධායක ජනාධිපති සතු අත්තනෝමතික භයංකාර බලතල අඩු කරන්න ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පවා ඉදිරිපත් වී ඇති බැවින් විධායක ජනාධිපතිවරයා සුපිරිම බලවතා නොව ඔහුගේ බලය සංවරණ සහ තුළනවලට ලක් කර ඇති නිසා ඔහුට හිතුමතේට කටයුතු කළ නොහැකි බවයි විපක්ෂ නායකවරයා අවධාරණය කරන්නේ.

ප්‍රජාතන්ත්‍රවාදය සුරක්ෂා කිරීමේ ප්‍රධාන කුළුණු 3 ලෙස විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණය සිටින බව කී විපක්ෂ නායකවරයා ඊට අමතරව සිව්වැනි කුළුණ ලෙස නිල නොවන ලෙස නිදහස් නිවහල් මාධ්‍ය ප්‍රජාතන්ත්‍රවාදය සුරක්ෂා කරන්න කටයුතු කරන වැදගත් ආයතනයක් සඳහන් කළේය.

මාධ්‍ය නිදහස හැම විටම ආරක්ෂා කළ යුතු බවත් මාධ්‍ය නිදහස හරහා රටක් ඒකාධිපතීත්වයක් කරා යන ගමන වැළකී යන බව සජිත් ප්‍රේමදාස තවදුරටත් පැවසිය. 

 

''අධිකරණයට එල්ලවන බලපෑම් පරාජය කරනවා''


විධායකයට හෝ ව්‍යවස්ථාදායකයට විවිධ ප්‍රකාශ නිකුත් කර අධිකරණයට බලපෑම් සිදු කළ නොහැකි බැවින් අධිකරණයට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව වැඩ කිරීමේ හැකියාව පවතින බව මෙන්ම ඒ සදහා ලබා දිය හැකි උපරිම සහයෝගය ලබා දෙන බව ද විපක්ෂ නායකවරයා පැවසීය.

ශ්‍රේෂ්ඨාධිකරණය ඇතුළු සමස්ත අධිකරණයට එල්ල වන සියලු බලපෑම් පරාජය කරන්න සමගි ජන බලවේගය පෙනී සිටින බවත් එසේම ව්‍යවස්ථාදායක සභාව විධායකයේ හෝ වෙනත් ආයතනයක බලපෑම්වලට යටත් නොවන ද විපක්ෂ නායකවරයා වැඩිදුරටත් කියා සිටියේය.

 (චතුරංග මේදිස්)

සබැඳි පුවත් :
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ව්‍යවස්ථාව කඩලා ? - ජනාධිපති 



 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්