leader s

නිවාස ඉදිකරගැනීම සදහා අට වසරකට ඉහතදී රජයෙන් වෙන් කළ ඉඩම් වහා නිදහස් කරන

ලෙස බල කරමින් මන්නාරම් වාසීන් පිරිසක් විරෝධයක් දියත් කර තිබේ.

 මන්නාරම දිස්ත්‍රික්කයේ නානාට්ටාන් ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ ඉසෙයිමාලෙයිතාල්වු ප්‍රදේශවාසීන් ජනවාරි 31 වැනිදා විරෝධතා දියත් කරමින් සදහන් කළේ තම ගම්මානයේ ජීවත් වන පවුල් 113 ක් සදහා නිවාස ඉදිකරගැනීම වෙනුවෙන් කොම්බන්සායින්දකුලම් ප්‍රදේශයේ අක්කර 46 ක් රජයෙන් වෙන් කළද එම ඉඩම් තවමත් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව නිදහස් කර නොමැති බවයි.

 “අපේ ගමට ආසන්නයේ පිහිටි කොම්බන්සායින්දකුලමේ අපේ ජනතාවට ගෙවල් හදාගෙන ජීවත් වෙන්න ඉඩම් අවශ්‍යයි. අපේ ගමේ එක ගෙදරක පවුල් තුන හතර ජීවත් වෙනවා. ඉඩ මදි. ඒ නිසා තමයි අපි අද උද්ඝෝෂණය කරන්නේ. 2016 දී උතුරු පළාත් බලධාරීන් ප්‍රකාශ කළා මේ ඉඩම අපට දෙනවා කියලා. නමුත් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව තවමත් එම ඉඩම නිදහස් කර නැහැ. හිටපු ප්‍රාදේශීය ලේකම්වරයා මේක කරනවා කියලා කිව්වා. නමුත් ඒක කෙරුවේ නෑ,” යි විරෝධතාවයක එක්ව සිටි කාන්තාවක් සදහන් කළාය.

ඉසෙයිමාලෙයිතාල්වු ප්‍රදේශවාසීන්ට නිවාස ඉදිකරගැනීම සදහා වෙන් කළ භුමියේ පිට පළාත් වලින් පැමිණි පුද්ගලයන් දෙනෙනෙකු විසින් අක්කර පහක පමණ ප්‍රදේශයක් එළි පෙහෙලි කරමින් වගා කටයුතු ආරම්භ කර ඇති අතර ඔවුන්ට එරෙහිව බලධාරීන් කිසිදු පියවරක් ගෙන නොමැති බවටත් විරෝධතා කරුවන් චෝදනා කර තිබේ.

 විරෝධතාවය දියත් කළ ස්ථානයට පැමිණි සහකාර ප්‍රාදේශිය ලේකම්වරියට සිය ඉල්ලීම් ඇතුලත් සන්දේශයක් බාර දීමට විරෝධතාකරුවන් ක්‍රියා කර තිබේ.

 පළාත් බද වාර්තාකරුවන් වැඩි දුරටත් පවසන්නේ සහකාර දිස්ත්‍රික් ලේකම්වරියටත් සිය ඉල්ලීම් ඇතුලත් සන්දේශයක් භාර දීමට ඉසෙයිමාලෙයිතාල්වු ගම් වැසියන් කටයුතු කළ බවයි.
hfdrtr

 

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්