The Leader News
BREAKING
රාජිත දිසානායක: 'බිත්තියි වහලෙයි හොඳට තියෙනකොටත් ගිනි ගන්න ගෙවල් තියෙනවා'●මහ බැංකුවේ ඩොලර් ගනුදෙනු පියවීම ලන්ඩනයට: ඇත්ත තත්ත්වය මෙන්න●ඥානසාර හිමිගේ සමාව ගැන මහාචාර්ය ජී.එල්.ගෙන් විශේෂ ප්‍රකාශයක්●ඥානසාර හිමිගේ සමාවේ අවුල: මෛත්‍රී සංඝරත්නයෙන් කොන්දේසි විරහිතව සමාව අයැදියි●කොළඹ වරායට නව ලොජිස්ටික්ස් හබ් එකක්: වරාය අධිකාරියෙන් විවෘත PPP ප්‍රවේශයක්●ණය අර්බුදයට ලංකාවෙන් ලොවටම අලුත් මූල්‍ය විසඳුමක්●ප්‍රංශයේ වීදි ප්‍රචණ්ඩත්වය හමුවේ මැක්‍රොන් පාලනය දැඩි අර්බුදයක●නව අපරාධ පනත් කෙටුම්පත ගැන නීති ක්ෂේත්‍රයෙන් අනතුරු ඇඟවීමක්●කාවන්තිස්ස ඛේදවාචකය හමුවේ ඇත් පරපුර සුරැකීමේ ජාතික මෙහෙයුමක්●HSBC සේවා පිලිපීනයට යාමේ අවදානමක් ගැන සජිත්ගෙන් අනතුරු ඇඟවීමක්●
Top Ad
පුවත්

ගෙවල් සඳහා ආණ්ඩුව වෙන්කළ ඉඩම් අට අවුරුද්දක් තිස්සේ කැලෑ දෙපාර්තමේන්තුවේ

T

The Leader Desk

February 2, 2024 • 4:48 PM

ගෙවල් සඳහා ආණ්ඩුව වෙන්කළ ඉඩම් අට අවුරුද්දක් තිස්සේ කැලෑ දෙපාර්තමේන්තුවේ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ලෙස බල කරමින් මන්නාරම් වාසීන් පිරිසක් විරෝධයක් දියත් කර තිබේ.
  • දී උතුරු පළාත් බලධාරීන් ප්‍රකාශ කළා මේ ඉඩම අපට දෙනවා කියලා.
  • නමුත් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව තවමත් එම ඉඩම නිදහස් කර නැහැ.
  • ඉසෙයිමාලෙයිතාල්වු ප්‍රදේශවාසීන්ට නිවාස ඉදිකරගැනීම සදහා වෙන් කළ භුමියේ පිට පළාත් වලින් පැමිණි පුද්ගලයන් දෙනෙනෙකු විසින් අක්කර පහක පමණ ප්‍රදේශයක් එළි පෙහෙලි කරමින් වගා කටයුතු ආරම්භ කර ඇති අතර ඔවුන්ට එරෙහිව බලධාරීන් කිසිදු පියවරක් ගෙන නොමැති බවටත් විරෝධතා කරුවන් චෝදනා කර තිබේ.
අකුරු ප්‍රමාණය (Font Size):

ලෙස බල කරමින් මන්නාරම් වාසීන් පිරිසක් විරෝධයක් දියත් කර තිබේ.

 මන්නාරම දිස්ත්‍රික්කයේ නානාට්ටාන් ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ ඉසෙයිමාලෙයිතාල්වු ප්‍රදේශවාසීන් ජනවාරි 31 වැනිදා විරෝධතා දියත් කරමින් සදහන් කළේ තම ගම්මානයේ ජීවත් වන පවුල් 113 ක් සදහා නිවාස ඉදිකරගැනීම වෙනුවෙන් කොම්බන්සායින්දකුලම් ප්‍රදේශයේ අක්කර 46 ක් රජයෙන් වෙන් කළද එම ඉඩම් තවමත් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව නිදහස් කර නොමැති බවයි.

 “අපේ ගමට ආසන්නයේ පිහිටි කොම්බන්සායින්දකුලමේ අපේ ජනතාවට ගෙවල් හදාගෙන ජීවත් වෙන්න ඉඩම් අවශ්‍යයි. අපේ ගමේ එක ගෙදරක පවුල් තුන හතර ජීවත් වෙනවා. ඉඩ මදි. ඒ නිසා තමයි අපි අද උද්ඝෝෂණය කරන්නේ. 2016 දී උතුරු පළාත් බලධාරීන් ප්‍රකාශ කළා මේ ඉඩම අපට දෙනවා කියලා. නමුත් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව තවමත් එම ඉඩම නිදහස් කර නැහැ. හිටපු ප්‍රාදේශීය ලේකම්වරයා මේක කරනවා කියලා කිව්වා. නමුත් ඒක කෙරුවේ නෑ,” යි විරෝධතාවයක එක්ව සිටි කාන්තාවක් සදහන් කළාය.

ඉසෙයිමාලෙයිතාල්වු ප්‍රදේශවාසීන්ට නිවාස ඉදිකරගැනීම සදහා වෙන් කළ භුමියේ පිට පළාත් වලින් පැමිණි පුද්ගලයන් දෙනෙනෙකු විසින් අක්කර පහක පමණ ප්‍රදේශයක් එළි පෙහෙලි කරමින් වගා කටයුතු ආරම්භ කර ඇති අතර ඔවුන්ට එරෙහිව බලධාරීන් කිසිදු පියවරක් ගෙන නොමැති බවටත් විරෝධතා කරුවන් චෝදනා කර තිබේ.

 විරෝධතාවය දියත් කළ ස්ථානයට පැමිණි සහකාර ප්‍රාදේශිය ලේකම්වරියට සිය ඉල්ලීම් ඇතුලත් සන්දේශයක් බාර දීමට විරෝධතාකරුවන් ක්‍රියා කර තිබේ.

 පළාත් බද වාර්තාකරුවන් වැඩි දුරටත් පවසන්නේ සහකාර දිස්ත්‍රික් ලේකම්වරියටත් සිය ඉල්ලීම් ඇතුලත් සන්දේශයක් භාර දීමට ඉසෙයිමාලෙයිතාල්වු ගම් වැසියන් කටයුතු කළ බවයි.
hfdrtr

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...