මේ වන විට වාර අවසාන කර ඇති පාර්ලිමේන්තුව නැවත විවෘත කරන ලබන මස 07දා

දේශපාලන පක්ෂ මාරුවක් සිදුවීමට ඉඩ ඇතැයි 'ඉරිදා දේශය' පුවත්පත වාර්තා කරයි.

එදින සාම්ප්‍රදායිකව ජනාධිපතිවරයා ප්‍රතිපත්ති ප්‍රකාශනය ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එය අනුමත කරන බව පවසමින් මෙම පක්ෂ මාරුව සිදුවීමට ඉඩ ඇති බවද එම පුවත් වාර්තාවේ සඳහන් වේ.  

විපක්ෂයේ සිටින මන්ත්‍රීන් පිරිසක් මේ ගැන රහස් සාකච්ඡා වට ගණනාවක් පවත්වා ඇතැයි ද පැවසේ.

එහෙත්, විපක්ෂයෙන් රජයට එක්වන්නේ කොපමණ මන්ත්‍රීන් ගණනක්ද ඔවුන් නියෝජනය කරන්නේ කවර පක්ෂ ද යන්න සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් එම පුවත් වාර්තාවේ සඳහන් නොවේ.

කෙසේවුවද විපක්ෂයේ දැනට සිටින ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීන් දෙදෙනකු (හිටපු ඇමැතිවරුන්) විසින් මෙම කටයුතු රහසිගතව සංවිධානය කරන බව දැනගන්නට ඇතැයි ද 'දේශය' අනාවරණය කරයි. 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්