ජාතික ජන බලවේගය පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක ඇතුළු සිව්දෙනෙකු ඉන්දීය සංචාරයක් සඳහා අද (05) දිනයේ පිටත්ව ගොස් තිබේ.


ඉන්දියානු රජයේ නිල ආරාධනාවකට අනුව සිදුකරන මෙම සංචාරයට ජාතික ජන බලවේගයේ ප්‍රධාන ලේකම් විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ, පාර්ලිමේන්තු මන්ත්‍රි විජිත හේරත් සහ ජාතික විධායක සභික මහාචාර්ය අනිල් ජයන්ත ද මෙම සංචාරයට එක්ව තිබේ.

කොළඹ ඉංදියානු මහ කොමසාරිස් කාර්යාලය විසින් මෙම සංචාරය සංවිධානය කර ඇතයි වාර්තාවේ. 

ජාතික ජන බලවේගය පක්ෂය මුලික වශයෙන් ජනතා විමුක්ති පෙරමුණ මත ගොඩ නැගී ඇති අතර එම පක්ෂය මීට පෙර ඉන්දීය විරෝධී ප්‍රතිපත්තියක් අනුගමනය කර තිබුණි.

ඉන්දු - ලංකා සාම ගිවිසුම අවස්ථාවේ ජනතා විමුක්ති පෙරමුණ ඊට එරෙහිව ප්‍රසිද්ධියේ කටයුතු කළ අතර ඉන්දීය ව්‍යාප්තවාදයට එරෙහි මතවාදයක් ඔවුන් විසින් මෙහෙයවන ලැබීය.

ඉන්දියාවේ මැදිහත්වීමෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එක්වුණු 13 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මඟින් මෙරටට පළාත් සභා ක්‍රමය හඳුන්වා දීමට ද ජනතා විමුක්ති පෙරමුණ විරෝධය පළ කර තිබුණි.

සිය පක්ෂයට සාමාජිකයින් බඳවා ගැනීමේ දී සිදුකරන පන්ති පහ පැවැත්වීමේ දී ද ඉන්දීය ව්‍යාප්තවාදය සම්බන්ධයෙන් ඉගැන්වීමක් සිදු කළේය. 

කෙසේවුවද ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක පසුගියදා ප්‍රකාශ කර තිබුණේ ඉන්දියාව සමග හොඳ දැක්මක් සහිතව ගනුදෙනු කිරීමට ජාතික ජන බලවේගය සුදානම් බවයි.

අනුර කුමාර දිසානායක එළඹෙන ජනාධිපතිවරණයේ අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත්වීමට නියමිතය.

මුලාශ්‍රය :
Sri Lanka’s JVP-led alliance invited for talks in Delhi for the first time


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්