සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා සමඟ පැවති සාකච්ඡාව

අද (06) පස්වරුවේ අවසන් වී තිබේ.

වෛද්‍යවරුන්ට ලබාදෙන රුපියල් 35,000ක DAT දීමනාව තමන්ටද ලබාදෙන්නැයි ඉල්ලා සෞඛ්‍ය වෘත්තිය සමිති 72  සාමාජිකයින් මෙම සාකච්ඡාව ඉල්ලා තිබුණි.

එහිදී සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය විසින් ඉදිරිපත් කළ යෝජනාව පිළිබඳව කඩිනමින් සාකච්ඡා කිරීමට මුදල් අමාත්‍යංශ නිලධාරීන්, සෞඛ්‍ය අමාත්‍යාංශ නිලධාරීන්ගේ සහ වෘත්තිකයන්ගේ සහභාගීත්වයෙන් කමිටුවක් පත්කර ඇත.

ඒ අනුව ඉදිරි සතිය තුළ ස්ථාවර පිළිතුරක් ලබාදීමට අවශ්‍ය කටයුතු සිදුකිරීමට තීරණය වී තිබේ.

මෙම තත්ත්වය පිළිබඳව සලකා බැලීමෙන් අනතුරුව හෙට (07) දිනයේ සිට යෝජනා කර ඇති වර්ජන ක්‍රියාමාර්ගය තවත් එක් සතියකින් කල් දැමීමට සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය තීරණය කළ බව එහි සම කැඳවුම්කරු චානක ධර්මවික්‍රම පැවසීය.

මෙම කමිටුවේ තීරණය පිළිබඳව ඉතා සමීපව නිරීක්ෂණය කරන අතර යම් හෙයකින් විසඳුම් ලබාදීම ප්‍රමාද කරන්නේ නම් නැවත වර්ජන ක්‍රියාමාර්ගයන්ට අවතීරණය වීමට කටයුතු කරන බවද සෞඛ්‍ය වෘත්තිය සමිති සන්ධානය පවසයි.

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්