"ජාතික ජන බලවේගය" (මාලිමාව) දේශපාලන පක්ෂයක් වශයෙන් මැතිවරණ කොමිසම විසින්
ලියාපදිංචි කර ඇති ආකාරය නීති විරෝධී බවත් ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වීමට අවසර ලබාදෙන ලෙසත් ඉල්ලමින් 'විනිවිද පෙරමුණේ' ලේකම් නීතිඥ නාගානන්ද කොඩිතුවකු විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද (06) මෝසමක් ගොනු කළේය.
'විනිවිද පෙරමුණ' දේශපාලන පක්ෂයක් වශයෙන් ලියාපදිංචි කිරීම ප්‍රතික්ෂේප කිරීමට මැතිවරණ කොමිසම ගත් තීරණයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර තිබෙන රිට් පෙත්සමකට අදාළව නාගානන්ද කොඩිතුවක්කු විසින් මෙම මෝසම ගොනු කරනු ලැබ තිබේ.
එම මෝසම තුළින් නාගානන්ද කොඩිතුවක්කු කියා සිටින්නේ ජනතා විමුක්ති පෙරමුණේ කොටසක් වන ජාතික ජන බලවේගය දේශපාලන පක්ෂයක් වශයෙන් ලියාපදිංචි කිරීම සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි බවයි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 103(2) වගන්තිය ප්‍රකාරව එකම පක්ෂයක විවිධ ශාඛාවෙන් වෙන්ව දේශපාලන පක්ෂ වශයෙන් ලියාපදිංචි කිරීම මැතිවරණ නීතිරීතීන්ට පටහැනි බවත් ඒ තුළින් නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් සහතික කර තිබෙන අයිතිය උල්ලංඝනය වන අතර එය සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි බවත් අදාළ මෝසමේ සඳහන් කර තිබේ.
ඒ අනුව මැතිවරණ කොමිසම විසින් ජාතික ජන බලවේගය ලියාපදිංචි කර ඇති ආකාරය නීති විරෝධී බවට අධිකරණය හමුවේ කරුණු දැක්වීම සඳහා අවසර ලබා දෙන ලෙසත් නාගානන්ද කොඩිතුවක්කු මහතා එම මෝසම තුළින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වැඩිදුරටත් ඉල්ලා සිටී.
(aruna.lk -කේ.එස්. උදයකූමාර)