හිටපු නාවික හමුදාපති හා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි දයා සඳගිරි සමගි ජන බලවේගය සමග එක්වී තිබේ.



ශ්‍රී ලංකා නාවුක හමුදාවේ 14 වන නාවික හමුදාපතිවරයා වූ විශ්‍රාමික, දයා සඳගිරි  (VSV, USP rcds, MSc (DS), psc, FCMI) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හමුවී මෙලෙස සමගි ජන බලවේගය හා එක්වී ඇත.

සමුද්‍රීය හා නාවුක ක්ෂේත්‍රය සම්බන්ධයෙන් ඔහුට ඇති හසල දැනුම හා පළපුරුද්ද නිසා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් ඔහු පක්ෂයේ සමුද්‍රීය හා නාවුක ප්‍රතිපත්ති පිළිබඳ උපදේශකවරයකු ලෙස පත් කර තිබේ.

හිටපු නාවික හමුදාපති දයා සඳගිරි 2001 ජනවාරි මස 1 වැනි දා සිට ශ්‍රී ලංකා නාවික හමුදාපතිවරයා ලෙස පත් කරන ලද අතර වසර 53ක නාවුක හමුදා ඉතිහාසයේ වඩාත් පළපුරුදුම නාවික හමුදාපතිවරයා ලෙස ද ඔහු ඉතිහාස ගත වන බව සජබ මාධ්‍ය ඒකකය විසින් නිකුත්කර ඇති නිවේදනයක් සඳහන් වේ. 

විශ්‍රාම ගැනීමෙන් පසු ඔහු 2005 සැප්තැම්බර් 1 වැනි දින අද්මිරාල් නිලය සහිත ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා ලෙස පත් කරන ලදී.

ඔහු 2005 ජුනි 12 වැනි දින එම තනතුරෙන් විශ්‍රාම ගිය පසු 2015 නොවැම්බර් 9 වැනි දින ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ සිව්වැනි කුලපතිවරයා බවට පත් විය.

sandaras
සේනාධිපතිගේ අවන්ට්ගාඩ් සේවකයෙක්..

හිටපු නාවික හමුදාපතිවරුන් වන දයා සඳගිරි, සෝමසිරි දිසානායක සහ ජයනාත් කොළඹගේ යන අද්මිරාල්වරුන් මෙන්ම හිටපු ගුවන් හමුදාපති එයාර් චීෆ් මාෂල් රොෂාන් ගුණතිලක ද සිය සමාගමේ සේවයේ නිරතව සිටින බව අවන්ට්ගාඩ් මරීටයිම් සමාගමේ සභාපති මේජර් නිශ්ශංක සේනාධිපති එකල මාධ්‍යයට පවසා තිබිණ. 

2011 දී එවක ජනාධිපතිවරයා වූ මහින්ද රාජපක්ෂ විසින් විශ්‍රාමික නාවුක හමුදාපති දයා සඳගිරිව ලංකා පොස්පේට් හී සභාපතිවරයා ලෙස පත් ද පත්කර තිබිණ.   

 


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්