දෙමළ බසින් මාධ්‍යකරණයේ නියැලෙන ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීයකු දෙමළ බසින් රචිත ග්‍රන්ථයක්

සිංහල භාෂාවෙන් ලියා තිබීම අගය කළ යුක්තක් බව ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැතිවරයා ප්‍රකාශ කළේය.

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී එම්.ඉන්ද්‍රජිත් විසින් රචිත “මාධ්‍ය මග“ ග්‍රන්ථය දොරට වැඩීමේ උත්සවයට ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙමින් ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මේ බව කියා සිටියේය.

“දෙමළ භාෂාවෙන් ලියූ ග්‍රන්ථයක් තමන්ට හැකි පමණින් සිංහල භාෂාවෙන් පල කිරීමට කටයුතු කරපු එම්. ඉන්ද්‍රජිත් ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීයාට අපේ ගෞරවය හිමි විය යුතුයි.”

“අද වන විට රටේ මාධ්‍යය විශේෂයෙන් සමාජ මාධ්‍යය පිළිබඳව කථිකාවක් ගොඩනැගී තිබෙනවා. ඇතැම් මාධ්‍ය තම තරම ඉක්මවා කටයුතු කරනු ඇතැයි කියවෙනවා. බොහෝ නිරායුධ අහිංසක කවරාකාරයේ සමාජ මට්ටමක සිටියාවූ පිරිසක් වුවත් කෙනෙක් වුවත් බොහෝ අපහසුතාවයට පත් වන ආකාරයේ මාධ්‍යකරණයක් සිදුවන බවට චෝදනා නැගෙනවා. මේ නිසා මාධ්‍යයකරණයේ නියැලෙන්නන් තමන්ගේ කාර්යය භාරය පිළිබඳව දැනුම්වත් බවින් යුතුව කටයුතු කරනවා නම් බොහෝ ප්‍රශ්න වැලකෙනවා. එසේ වීමටනම් සිය කාර්යය භාරය පිළිබඳව මාධ්‍යවේදීන්ට තිබෙන තම දැනුම අවබෝධය  වැඩි කර ගත  යුතුයි.”

“ඒ සඳහා මෙවැනි ග්‍රන්ථ පරිශීලනය කිරීම ඉවහල් වෙනවා. මෙවැනි ග්‍රන්ථයක් ලිවීම පිළිබඳව අපි නැවත වරක් ඔහුට ස්තුතිවන්ත වන්නේ ඒ නිසයි.” යැයි ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන සඳහන් කළේය.


තමන් වාර්තා කරන ඕනෑම පුවතක සියයට සීයක නිවැරැදි භාවය තහවුරු කර ගැනීම මාධ්‍යවේදියා ගරු කළ යුතු එක් සත්‍යයක් බව මෙම අවස්ථාවට එක්වු පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක පැවසීය.


“මාධ්‍යකරණයේ යෙදෙන සියලු දෙනා ගරු කළ යුතු එක් සත්‍යයක් තිබෙනවා. එයනම් තමන් වාර්තා කරන ඕනෑම පුවතක සියයට සීයක නිවැරැදි භාවය තහවුරු කර ගත යුතුයි. තමා ඉදිරිපත් කරන වාර්තාවක සත්‍යතාවය පිළිබඳව වගවීම තමා විසින්ම කළ යුතුයි. අපි පසුගිය රජය තොරතුරු දැනගැනීමේ පනත මගින් මහජනතාවට බොහෝ සෙයින් ප්‍රයෝජනවත් මාධ්‍යවේදීන්ට ඉතා වැදගත් කාර්යය භාරයක් ඉටු කළා. තමන්ගේ කාර්යය පිළිබඳව ගවේශනාත්මකව තොරතුරු දැනගෙන සමාජය දැනුම්වත් කිරීමට මෙම පනත මගින් මාධ්‍යවේදීන්ට විශේෂයෙන් ඉඩකඩ ලැබුණා. ඊට අමතරව මහජනතාවටද තමන්ට රාජ්‍ය අංශයෙන්, පෞද්ගලික අංශයෙන් වුව ඕනෑම කරුණක් දැන ගැනීමට මෙමගින් ඉඩකඩ විවර වුණා.” මන්ත්‍රීවරයා කියා සිටියේය.


නැගෙනහිර පළාත් ආණ්ඩුකාර සෙන්දිල් තොන්ඩමාන් මෙම අවස්ථාවට එක්වු අතර ඔහු පෙන්වා දුන්නේ මාධ්‍යය නියාමනය පිළිබඳව මීට වඩා දැඩිව සොයා බැලීමක් කළ හැකි යාන්ත්‍රණයක් ඇති කළ බවයි.


“මාධ්‍යය නියාමනය පිළිබඳව මීට වඩා දැඩිව සොයා බැලීමක් කළ හැකි යාන්ත්‍රණයක් ඇති කළ යුතුයි. අද මාධ්‍යයේ පලවන ඇතැම් අසත්‍යයන් නිසා බොහෝ පිරිසක් අපහසුතාවයට පත් වනවා. එවැනි අපහසුතා වැලැක්වීමට මාධ්‍යය පිළිබඳ නියාමනයක් අපක්ෂපාතීව සිදුවිය යුතුයි. ඒ සඳහා යාන්ත්‍රණයක් සැකසිය යුතුයි.” මාධ්‍ය ආචාර්ම ධර්ම සම්බන්ධව මෙම අවස්ථාවට එක්වු හිටපු රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ රංග කලංසූරිය සඳහන් කළේය.

ඒ  සඳහා සාකච්ඡා සම්මුතියෙන් වැඩපිළිවෙලක් සකස් කළ යුතු බවයි ඔහු යෝජනා කරන්නේ.

“මාධ්‍යවේදීන්ට ආචාර ධර්ම පද්ධතියක් හඳුන්වා දිය යුතු යැයි අද බොහෝ පිරිසක් කතා කරනවා. මාධ්‍යවේදීන් වශයෙන් ඔබත් එය කල්පනා කළ යුතුයි. අද දවසේ පුවත් බුලටින් එකක් තමන්ගේ පවුලේ සාමාජිකයින් සමග එකට සිට බැලීමට  නොහැකි තත්ත්වයක් තිබෙනවාද නැද්ද. ඇත්ත වශයෙන්ම කියනවානම් එය එකට නැරඹිය නොහැකි තැනකයි තිබෙන්නේ. මෙවැනි තත්ත්වයෙන් අප මුදා ගැනීමට ජනමාධ්‍ය අමාත්‍යංශය, එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP) මේ වන විටත් විශේෂ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරමින් සිටිනවා. අප වඩාත් වෘත්තීය භාවයෙන් යුතු මාධ්‍යකරණයක නියැලෙන්නේ කෙසේදැයි කතිකාවක් ගොඩනගා තිබෙනවා. “

“ඒ අනුව එය සැකසීම සඳහා සෑම පලාතක්ම ආවරණය වන පරිදි මාධ්‍යවේදීන්ගේ අදහස් දැනගැනීමේ වැඩමුළු සංවිධානය කළා. ඊට අමතරව කොළඹදී මාධ්‍ය ආයතන හිමිකරුවන්ගේ සහ ඒවායේ ප්‍රධානීන්ගේ සාකච්ඡාවක් පැවැත්වූවා. සෑම අතින්ම බිඳ වැටුණු සමාජයක මාධ්‍ය පමණක් බිඳ නොවැටී තිබෙන්නට බැහැ. ඒ නිසා අප ජනතාවට දෙනුයේ සාමාජයේ දේවල් බව ඔවුන්ගේ අදහසයි. “

“එය වැලැක්වීමට කටයුතු කිරීමට මාධ්‍යවේදීන් ක්‍රියා කළ යුත්තේ කෙසේදැයි දැන ගැනීමට පළාත් මට්ටමින් වැඩමුළු පැවැත්වූවා. ඔවුන් එහිදී ප්‍රකාශ කළේ අප කරන්නේ ඉල්ලුමට සැපයුම ලබාදෙන බවයි. කොළඹින් ඉල්ලන්නේ මොනවාද මොන ආකාරයෙන්ද ඒවා අප ලබාදීම සිදු කරනවා. මේ අනුව අපට පේනවා මෙම ගැටලුව විසඳීමට සාකච්ඡා සම්මුතියෙන් වැඩපිළිවෙලක් සකස් කළ යුතු බව. ඒ සඳහා මාධ්‍යවේදීන් වශයෙන් වඩාත් සක්‍රියව දායක විය යුතුයි.”‍

ආසියානු මාධ්‍යය හා සංස්කෘතික සංගමයේ සභාපති උපුල් ජනක ජයසිංහ, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.තිලකාරාජ්, පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.එච්.මුෂාරප් ඇතුලු කිහිප දෙනෙකු ද මෙම අවස්ථාවට එක්වෙමින් සභාව ඇමතීය.

මෙම අවස්ථාවට ස්වාධීන රූපවාහී ජාලයේ හිටපු අධ්‍යක්ෂ අෂීන් ඕමාර්, ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රවීනයන්, ඉන්දියාවේ කර්ණාටක සහ තමිල්නාඩුවේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීන් ඇතුලු විශාල පිරිසක් සහභාගී වී සිටියහ.

 bdsalkfsd
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්