පොදුජන පෙරමුණේ හම්බන්තොට දිස්ත්‍රික් මන්ත්‍රී නාමල් රාජපක්ෂ දෙදින සංචාරයක් සඳහා

අද (09) ඉන්දියාවට ගොස් තිබේ.

අයෝධ්‍යාවේ රාම් කෝවිල වැදපුදා ගැනීම සඳහා ඔහු මෙම සංචාරයේ නිරත වෙයි.

 නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා වෙනුවෙන් අද සවස රාම් කෝවිලේ විශේෂ පූජාවක් සංවිධානය කරන බවත් සදහන්ය.

මන්ත්‍රීවරයා අයෝධ්‍යාවේ සහ නවදිල්ලියේ රැඳී සිටින කාලයේ පෞද්ගලික මට්ටමින් එරට දේශපාලන ක්ෂෙත්‍රයේ විවිධ පුද්ගලයින් හමුවන බවද සඳහන්ය.


ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර සංස්කෘතික හා ආගමික සබඳතා ශක්තිමත් කිරීම සඳහා නාමල් රාජපක්ෂ දක්වන උනන්දුව අයෝධ්‍යා රාම් මන්දිරය වෙත සංචාරය කිරීමෙන් පිළිබිඹු වන බව ඇතැම් මාධ්‍ය වාර්තාවල සඳහන් වේ. එමඟින් ඔහු දේශීය හා ජාත්‍යන්තර වශයෙන් අවධානය දිනා ගැනීමට ද අපේක්ෂා කරන බව එම මාධ්‍ය වාර්තා වැඩි දුරටත් සඳහන් කර ඇත.

 

නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ ඉන්දියානු සංචාරය සිදුවන්නේ, ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක ඇතුළු එම පක්ෂයේ නියෝජිතයින් කණ්ඩායමක් ඉන්දියානු රජයේ ආරාධනයක් මත එරට සංචාරයක යෙදී සිටින පසුබිමකය.

එය පස් දින සංචාරයක් වන අතර එහි අවසන් දිනය අද වන බව පැවසේ.

නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා විසින් ජාතික ජනබලවේගයේ ඉන්දීය සංචාරය පසුගියදා දැඩි ලෙස විවේචනය කර තිබිණ.

ජනතා විමුක්ති පෙරමුණේ බලපෑම් හේතුවෙන් ශ්‍රී ලංකාවට ඉන්දීය සහ ගෝලීය ආයෝජකයින් කිහිප දෙනෙකු අහිමි වූ බවට ඔහු චෝදනා කළේය.

පෙර ඉන්දීය විරෝධී ස්ථාවරයෙන් පසු වූ ජනතා විමුක්ති පෙරමුණ ඉන්දීයාවේ සංචාරය නිතර වීම සම්බන්ධයෙන් තමන් විශ්මයට පත් වන බව ඔහු තවදුරටත් පවසා තිබිණ.

නාමල් රාජපක්ෂ වැඩිදුරටත් සඳහන් කර තිබුනේ, අනුර කුමාර දිසානායකගේ ඉන්දීය සංචාරයෙන් පසු ශ්‍රී ලංකාවට පැමිණෙන ආයෝජකයින්ට ජනතා විමුක්ති පෙරමුණ සහාය වනු ඇතැයි තමන් විශ්වාස කරන බවයි.

මේ අතර සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයා ද මාර්තු මාසයේ දී ඉන්දීය සංචාරයක නිරතවීමට නියමිත බව පැවසේ.

 


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්