වසර මිලියන ගණනක ඉපැරණි කාර්මිකකරණයෙන් අපවිත්‍ර නොවූ පිරිසිඳු ජල බුබුළක් සහිත මිල කළ නොහැකි

චූඩාමාණික්‍යයක් ඇහැලියගොඩ පතලකින් හමුවී තිබේ.

ඉතා පෞරාණික මහාබල සම්පන්න මිල කළ නොහැකි මෙම චූඩාමාණික්‍යය කැරට් 110,000 ක් තරම් වන බව ජාතික මැනික් හා ස්වර්ණාභරණ අධිකාරිය ගණන් බලා ඇත.

ශ්‍රී ලංකාද්වීපයේ භූමියේ පෞරාණික පිහිටීම පිළිබඳව මෙම චූඩාමාණික්‍යය පරීක්ෂණයකට භාජනය කිරීමෙන් කරුණු සොයාගත හැකි බවත් ශ්‍රී ලංකා ඉතිහාසය පිළිබඳව වැළලී ඇති අතීත තොරතුරු ඉන් අනාවරණය කර ගැනීමට හැකිවන බවත් මෙහි හිමිකරු සඳහන් කරයි.

ඇතුළත දිය බුබුළක් සහිත ස්ඵටික ලබාගැනීමේ දී යම් ආශ්චර්යයක් තිබේ.

යමෙකුගේ ශරීරයේ සෞඛ්‍ය සම්පන්න බව වැඩිදියුණු කිරීම සඳහා මෙම Enhydro ස්ඵටික මිලදී ගැනීමට අතීතයේ පටන් ධනවතුන් කටයුතුකර තිබේ. බොහෝ විට මේවා මිලදීගෙන තනි තනි පුද්ගලයන් වශයෙන් පාවිච්චි නොකර ලොවපුරා විශාල පිරිසකගේ නෙත ගැටෙන කෞතුකාගාරයක හෝ පෞරානික වස්තු ප්‍රදර්ශන භූමියක රඳවා තැබීමට මේවාට ලැදි පිරිස් කටයුතු කරති.


මිනිස් සිරුරට ප්‍රයෝජනවත් වන කිරණ මෙම චූඩාමාණික්‍යයෙන් පරාවර්තනය, විස්තාරණය, අවධානය, ශක්තිය සම්ප්‍රේෂණය සිදුකරන බව බොහෝ දෙනෙකු විශ්වාස කරති. යම්කිසි අයෙකු ලෙඩ රෝග සුවකිරීම සඳහා ශරීර මානසික සුවතාවය ඇතිකර ගැනීම සඳහා චිත්තවේගී සහ මානසික යහපැවැත්ම සඳහා මෙම චූඩාමාණික්‍යය දෙස බලා සිටීමෙන් වුවද යහපතක් සිදුවන බව පැරැණ්නන්ගේ විශ්වාසයයි.


Enhydro ස්ඵටික ආදරය සහ සම්බන්ධතා දීප්තිමත්ව පවත්වාගෙන යාමට පොළඹවන්නක් බවද කියවේ. එමෙන්ම යමෙකුගේ චිත්තවේගී සිතුවිලි පිරිසිදු කිරීම, ප්‍රඥාවෙන් සත්‍යභාවයෙන් අවංකව කටයුතු කිරීමට, මෙම චූඩාමාණික්‍යය ආශිර්වාදයක් වන බවට විශ්වාස කෙරේ.

ඒ අනුව රටක සමාජයක සමෘද්ධිය, ආදරය සහ සෞඛයය නංවාලීම සඳහා පොදු ස්ථානයක මහජනතාවගේ දැක ගැනීම සඳහා ප්‍රදර්ශනය කිරීමට සුදුසුම චූඩාමාණික්‍යයක් ලෙස මෙය හැදින්වේ.

මෙම චූඩාමාණික්‍යය ඉහළ මිලකට අලෙවි කිරීමට වුව හැකියාව පවතින බව හිමිකරු සදහන් කරයි. ඒ සම්බන්ධයෙන් වූ වැඩිවිස්තර දුරකතන අංක 0716481838 න් ලබාගත හැකිය.    


gem xczxc

 


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්