තමාගේ නම භාවිතා කරමින් අන්තර්ජාලය හරහා "ව්‍යාජ ආයුර්වේද ඖෂධ" ප්‍රවර්ධනය කරනා බවට විශේෂඥ වෛද්‍ය මහාචාර්ය අර්ජුන ද සිල්වා

රහස් පොලිසියට පැමිණිලි කර තිබේ.

අන්තර්ජාලය ඔස්සේ මෙසේ දියවැඩියා රෝගය සඳහා ලබා දෙන ව්‍යාජ අයුර්වේද බෙහෙතක් ප්‍රවර්ධනය සඳහා තමන්ගේ නම භාවිතා කර ඇති බව මහාචාර්යවරයා "ද ලීඩර්" අමතමින් කියා සිටියේය.

මහාචාර්ය අර්ජුන ද සිල්වාගේ සම්මුඛ සාකච්ඡාවක් යොදා ගනිමින් දියවැඩියා රෝගය සඳහා බටහිර බෙහෙත් නුසුදුසු බව හැඟවෙන පරිදි යම් අයුර්වේද බෙහෙතක් වෙබ් අඩවියක් ඔස්සේ ප්‍රවර්ධනය කර තිබුනි.

"මම රෝගියකුගේ රෝගයක් පරික්ෂා කරලා බලලා ඒකට නිර්දේශ කරන්නේ බටහිර බෙහෙත්. මම කිසිම ආයුර්වේද බෙහෙතක් ප්‍රවර්ධනය කරන්නේ නැහැ. ඒ වගේ කිසිම රෝගියකු පරික්ෂා නොකර මේ‍, විදියට අන්තර්ජාලයෙන් මම බෙහෙත් නිර්දේශ කරන්නේ නැහැ. ඒක වෛද්‍ය ආචාර ධර්මවලට පටහැනි, නීති විරෝධී." යැයි අර්ජුන ද සිල්වා මහාචාර්යවරයා 'ද ලීඩර්' වෙත පැවසීය.

මේ සම්බන්ධව අපරාධ පරික්ෂණ දෙපාර්තුමේන්තුවේ පරිඝණක අපරාධ අංශයට පැමිණිලි කළ බව කී වෛද්‍යවරයා, අන්තර්ජාලය ඔස්සේ ව්‍යාජ තොරතුරු පළ කළ පුද්ගලයන්ට මාර්ගත සුරක්ෂිතභාවය පනත ඔස්සේ නීතිමය පියවර ගන්නා බව වැඩිදුරටත් සඳහන් කළේය.

(චතුරංග මේදිස්)


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්