මෙම වසරේ ප්‍රථමයෙන්ම පවත්වන්නේ ජනධිපතිවරණයක්ද, මහ මැතිවරණයක්ද යන්න අප්‍රේල්
මාසයේදී තීරණය වීමට නියමිතව ඇතැයි 'ඉරිදා දේශය' ජාතික පුවත්පත අනාවරණය කර සිටියි.  
 
ව්‍යවස්ථානුකූලව ජනාධිපතිවරණය මේ වසරේ පැවැත්විය යුතු වුවත් ආණ්ඩුවේ ඇතැම් පාර්ශ්ව විසින් සිදුකරන ජනමත විමසීම් වාර්තා අනුව ජනාධිපතිවරණයට පෙර මහ මැතිවරණයකට යන ලෙසට ආණ්ඩුවේම ඇතැම් ජ්‍යෙෂ්ඨයන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමට තීන්දු කර ඇතැයි ද එම පුවත් වාර්තාවේ සඳහන් වේ.

විශ්වාස කටයුතු ආරංචි මාර්ග ඔස්සේ ලැබී තොරතුරු මත පදනම්ව පළකර ඇති එම දේශපාලන පුවත් වාර්තාවේ මෙසේද සඳහන් වේ.

''විශේෂයෙන් ජනාධිපතිවරයාගේ පාර්ශ්වයෙන් අප්‍රේල් මාසයේදී ජනමත සමීක්ෂණයක් සූදානම් වන බව දැනගන්නට ඇත. එසේම අප්‍රේල් මාසයේ අග පොහොට්ටුව තමන්ගේ සහාය සම්බන්ධයෙන් වූ ස්ථාවරය දැනුම් දීමටද නියමිතව ඇත.

ඒ නිසා යම් ආකාරයකින් පොහොට්ටුව ජනාධිපතිවරයා හට තම සහාය ලබාදීම අත්හලහොත් ජනාධිපතිවරයාට සහාය දෙන පොහොට්ටුවේ පිරිස එක්කර ගනිමින් වහාම මහ මැතිවරණයකට යන ලෙස ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨයන් පිරිසක් යෝජනා කිරීමට සැරසෙන බව වාර්තා වෙයි. ඉන් අනතුරුව ජනාධිපතිවරණයක් සඳහා යන ලෙසට ද එම පිරිස විසින් යෝජනා කිරීමට නියමිත බව දැනගන්නට ඇත.

කෙසේ වෙතත් ජනාධිපතිවරයාගේ ස්ථාවරය තවමත් ව්‍යවස්ථානුකූලව ජනාධිපතිවරණයක් සඳහා යාම බව ද සඳහන් වේ.''

අනුර කුමාර දිසානායක ජනාධිපති ධුරයට පත්වීම වැලැක්වීම සඳහා ජනාධිපතිවරනයකට පෙර මහා මැතිවරණයක් කැඳවන ලෙසට ජනාධිපතිවරයාට බලපෑම් කිරීමට පක්ෂ කිහිපයක මන්ත්‍රීවරුන් පසුගිය දිනක රහස් සාකච්ජාවකදී එකඟතාවයක් ඇතිකර ගෙන ඇතිබව 'ලීඩර් TV ' පෙබරවාරි 09 විශේෂාංගයෙන් අනාවරණය කර තිබිණ.

එම පුවත් අනාවරණය පහත වීඩියෝවෙන් බලන්න
  


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්