මේ වසරේ නියමිත දිනට වහාම ජනාධිපතිවරණය පවත්වා ඉන් ලැබෙන ජනවරම තුළ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ යුතු බව විපක්ෂ නායකවරයා අවධාරණය කර තිබේ.

ජනාධිපතිවරයා හට ජනාධිපතිවරණය අහෝසි කිරිමට මතක් වී ඇත්තේ වසර අවසානයේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය පෙනි පෙනී බව සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයා පෙබරවාරි 10 වැනිදා හම්බන්තොට දිස්ත්‍රික් සමගි ජන බලවේග රණවිරු සමුළුව අමතමින් කියා සිටියේය.


ඒ සඳහා ඔවුන් ගෞරව නාම ලබා දුන් අතකොලුවන් උපයෝගී කර ගෙන ජනාධිපතිවරණය අහෝසි කළ යුතු බවට මතවාද ගෙන යමින් පවතින බවයි ඔහු පෙන්වා දෙන්නේ.

ජනාධිපතිවරයා 134 දෙනාගෙන් බලයෙන් ජනාධිපති පුටුවට පත්වන විට ජනාධිපති ධුරය අහෝසි කරන බවට පැවසුවා නම් ඒ සදහා අවශ්‍ය සහයෝගය ලබා දීමට සූදානම් වී සිටි නමුත් ඔවුන්ට ඒ සඳහා උවමනාවක් නොතිබුන බවටයි විපක්ෂ නායකවරයා චෝදනා කරන්නේ.

“ජනාධිපතිවරණය එදා අහෝසි කරනවා කිව්වා නම් අපිත් ඔය ඉතුරු 16 දෙනවා 150 හරියන්න. තුනෙන් දෙකකුයි ජනමත විචාරණයකුත් අවශ්‍යයි මේ ජනාධිපති ක්‍රමය අහෝසි කරළා අණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හදන්න.”

ජනාධිපතිවරණය අහෝසි කරන ප්‍රතිපත්තියේ සිටින සමගි ජන බලවේගය ආණ්ඩුවට අනතුරු අගවා සිටින්නේ එය අහෝසි කළ යුත්තේ ජනතාව අපේක්ෂා කරන ජනාධිපතිවරණයකට සහ මහමැතිවරණයකට ඡන්දය ලබා දීමෙන් පසුව බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස වැඩිදුරටත් කියා සිටියේය.

rana 2 sara 3 sara 4 sa



(චතුරංග මේදිස්)


 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්