ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායකගේ ඉන්දීය සංචාරයේ පදනම,

ඉන්දියාවේ බලයේ පවතින ආණ්ඩුව සහ ජාතික ජන බලවේගය අතර සබඳතා ශක්තිමත් කිරීම බවත් ඉන්දීය සංචාරයේ ප්‍රගතිය පිළිබඳව අනුර කුමාර දිසානායක ලංකාවට පැමිණීමෙන් පසුව පැහැදිලි කරන බවත් ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික ලාල් කාන්ත කියයි. 

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායකගේ ඉන්දීය සංචාරය පිළිබඳව 'අනිද්දා' ජාතික පුවත්පත කළ විමසීමක දී ඔහු එබව සඳහන් කර ඇත. 

මෙම ඉන්දීය නිල සංචාරය සඳහා ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායකට අමතරව පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත්, ජාතික ජන බලවේගයේ ලේකම් විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ සහ මහාචාර්ය අනිල් ජයන්ත පිරිසද සහභාගී වී ඇති අතර පෙබරවාරි 05 දින අලුයම ඉන්දීය සංචාරය සඳහා පිටව ගියේ දින පහක කාලයක් සඳහාය. 

මේ ජාතික ජන බලවේගයට ඉන්දීය මඟින් නිල සංචාරයක් සඳහා ආරාධනා කළ ප්‍රථම අවස්ථාවයි.

ඉන්දීය සංචාරය නිමවා අනුර යළි දිවයිනට

image 7448670a60


අපි රටකට යාම, රටක රාජ්‍ය නායකයන් මුණ ගැසීම අපේ දේශපාලන හෝ ආර්ථික ප්‍රතිපත්තිය වෙනස් කර ගැනීමට හේතුවක් නොවේ යැයි ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක කටුනායක ගුවන් තොටුපොළේ දී පැවසීය.

ඔහු එසේ පැවසූවේ සිය ඉන්දීය නිමා කර කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි අවස්ථාවේ දීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අනුර දිසානායක මෙසේ පැවැසීය.

'' ඉන්දියාවට ගිය පළමු දේශපාලන කණ්ඩායම අප නොවෙයි. අප රටේ ආර්ථිකය කඩා වැටීම, දේශපාලන අර්බුදය මෙන්ම ජනාධිපතිවරයා ඡන්ද කල් දැමීම ලෝකය මෙන්ම ඉන්දීය රාජ්‍ය නායකයන් ද දන්නා කාරණයක්. කවර මැතිවරණ කල් දාන්න උත්සාහ කළත් එළඹෙන ඔක්තෝබර් මස ජනාධිපතිවරණය පැවැත්වීම සිදු කළ යුතුයි. එය රටේ විශාල දේශපාලන හැරවුමක් බවට පත්වෙනවා.

ඉන්දීය රජය සමග එකගතා, පොරොන්දු රජයන් අතර සිදු වෙනවා.  අප දේශපාලන ව්‍යාපාරයක් බැවින් අපි අවබෝධ කර ගැනීම වර්ධනය කර ගැනීම සිදු කළ යුතුයි.''


 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්