අභූත චෝදනා නගමින් විවිධ පාර්ශවයන් වෙතින් එල්ලවන අනිසි බලපෑම් හමුවේ මුදල් අමාත්‍යාංශයේ ලේකම්, මහින්ද සිරිවර්ධන බලවත්සේ කනස්සල්ලට පත්ව සිටින බව වාර්තාවේ.


ආර්ථිකය කඩා වැටීමට කටයුතු කළ අය, ආර්ථිකය නැංවූ අයට ලබාදෙන තෑග්ග හා සම්මාන ගැරහුම හා බොරු චෝදනාව නැගීම බව මහින්ද සිරිවර්ධන පසුගියදා ජනාධිපති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් හමුවේ පවසා ඇතැයි ද වාර්තාවේ. 

''මුදල් අමාත්‍යාංශය ලේකම් ධුරයට මාව එපා නම්, ඉවත් කරන්න ඕන. අභූත චෝදනා, බොරු අපහාස කරන එක වැරදියි'' ඔහු එම නිලධාරීන් හමුවේ වැඩිදුරටත් සඳහන් කර ඇතැයි පැවසේ.

මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා හා එහි ඉහළ නිලධාරීන් සම්බන්ධයෙන්, අවිශ්වාසය හා සැකය මතු කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කිහිප දෙනෙකු පසුගිය දින කිහිපයේ ප්‍රකාශ ඉදිරිපත් කර තිබිණි.

මුදල් අමාත්‍යංශයේ නිලධාරීන් ලබාදෙන තොරතුරු පමණක් පදනම් කර ගෙන කටයුතු නොකරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගෙන් ඉල්ලා සිටින බව පොහොට්ටු පක්ෂයේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයකු වන මහින්දානන්ද අලුත්ගමගේ මහනුවර ප්‍රදේශයේ පැවැති මාධ්‍ය හමුවකදී පවසා තිබිණ. 

මන්ත්‍රීවරයා එහිදී පැවසුවේ මුදල් අමාත්‍යංශයේ නිලධාරීන් ලබාදෙන දත්ත සම්පූර්ණයෙන් විශ්වාස නොකළ යුතු බවයි.

මුදල් අමාත්‍යංශය කටයුතු කළේ වැරදි මතයක් සමාජ ගත කරමින් බවත්, ජනතාවට මේවනවිට ලබා දී ඇති සහනවලට වඩා බදු සහන ලබාදීමට ද හැකියාව තිබූ බවත් මන්ත්‍රිවරයා එහිදී පැවසිය. 

මුදල් අමාතයවරයා වන ජනාධිපතිවරයාට මුදල් අමාත්‍යංශය මගින් ලබාදෙන දත්ත නිවැරදි නොවීම බරපතල තත්ත්වයක් බව මන්ත්‍රීවරයා එහිදී වැඩිදුරටත් කියා සිටියේය. 


මීට මාස එකොළහකට පෙර ශ්‍රී ලංකා ආර්ථික ඉතිහාසය දරුණුතම කඩා වැටීමට ලක්ව තිබු මොහොතේ,  රට යළි ස්ථාවර කිරීම සඳහා මහත් වූ සේවාවක් ඉටුකළ මුදල් අමාත්‍යංශ ලේකම්වරයාට හා එම අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ට කරුණු සොයා බැලීමකින් තොරව මෙසේ පහරදීම මුදල් අමාත්‍යංශ නිලධාරීන්ගේ බරපතල විමතියට හේතුවී ඇතැයි වාර්තාවේ. 


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්