මේ වසරේදී ජනාධිපතිවරණයක් සහ මහ මැතිවරණයක් පැවැත්වෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.

ඕස්ට්‍රේලියාවේ නිල සංචාරයක නිරතව සිටියදී ජනාධිපතිවරයා එබව පවසා ඇත්තේ, පර්ත් නුවරදී WION නමැති ඉන්දීය මාධ්‍යය නාළිකාවේ රාජ්‍ය තාන්ත්‍රික වාර්තාකරු සිධාන්ත් සිබල් සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනි.


යළි ජනාධිපති වීමට නම් තමා ඉදිරි ජනාධිපතිවරණයට තරඟ කළ යුතු බවත් සියල්ලටම පෙර තම අවධානය යොමුව ඇත්තේ රටේ ආර්ථිකය යථාතත්වයට පත්කොට ණයබරින් මිදිමට බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ එහිදී පැවසිය.

ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණය සහ පාර්ලිමේන්තු මැතිවරණ දෙකම මේ වසරේ පැවැත්වීමට නියමිත අතර පළාත් සභා මැතිවරණය ලබන වසරේදී පවත්වන බවත් WION නාලිකාවේ මාධ්‍යවේදියාගේ ප්‍රශ්න කිරීම් හමුවේ ජනාධිපතිවරයා කියා සිටියේය.

ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ ද යන්න පිළිබඳ මාධ්‍යවේදී සිධාන්ත් සිබල් විමසූ පැනයට පිළිතුරු දෙමින් ජනාධිපතිවරයා පවසා සිටියේ, “මම ආවෙ රටේ ආර්ථිකය පිළිවෙළක් කරන්න. මගේ පළමු රාජකාරිය ඒ ගැන අවධානය යොමු කිරීමයි, අපි බංකොලොත්භාවයෙන් මිදීමයි.” යනුවෙනි.

 
ර‍ට දරුණු ආර්ථික කඩාවැටීමට ලක්වූ අවස්ථාවේදී ඉන්දියාව ඇමෙරිකානු ඩොලර් බිලියන 04ක පමණ ණයක් ලබාදෙමින් දුන් සහයෝගය නොවන්නට ශ්‍රී ලංකාවට ගැලවීමට නොහැකිව තිබූ බවත් ඒ පිළිබඳ තමා ඉන්දියාවට ස්තූතිවන්ත වන බවත් ජනාධිපතිවරයා එම මාධ්‍ය සාකච්ජාවේ දී කියාසිටියේ ය. මේ නිසා තවදුරටත් දෙරටේ සබඳතාව ශක්තිමත් කිරීම කෙරෙහි අවධානය ‍යොමුකරන බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.

රට පැවති බරපතළ ආර්ථික කඩාවැටීමෙන් ඉක්මණින් යම් ස්ථාවරත්වයකට පත්කරගැනිමට හැකිවීම පිළිබඳ ඇති අදහස කුමක්ද යන්න පිළිබඳ මාධ්‍යවේදියා නැඟූ පැනයට පිළිතුරු දෙමින් ජනාධිපතිවරයා කියාසිටියේ, තමා ඒ පිළිබඳ සෑහීමකට පත්වන බවයි. එමෙන්ම මෙය (රට යළි ගොඩනැගීම) ඉටුකළ හැකිය යන්න තමා විශ්වාස කරන බව ද ජනාධිපතිවරයා එහිදී කීය.

ජනාධිපතිවරයා WION ඉන්දීය මාධ්‍ය නාළිකාව සමඟ කරන ලද සම්පූර්ණ සම්මුඛ සාකච්ඡාව පහතින් දැක්වේ.

 
(මුලාශ්‍රය - newswave.lk- සංජීවනී එදිරිසිංහ)

 


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්