ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන අද(12) අළුයම 2.50ට ඇමරිකාව බලා පිටත්ව ගියබව එම පක්ෂයේ
මාධ්‍ය ඒකකය නිවේදනය කර සිටියි.
ඉන්දීය ගුවන් සේවයට අයත් ඒ.අයි 284 දරණ ගුවන් යානයෙන් නවදිල්ලිය බලා පිටව ගොස් ඇති ඔහු පසුව අමෙරිකාව බලා පිටත්ව යාමට නියමිතය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ නව සන්ධානය වන ශ්‍රී ලංකා පොදු ජන එක්සත් පෙරමුණේ නව නිලධාරී මණ්ඩලය පත්කර ගැනීම හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ගේ විදෙස් සංචාරයෙන් අනතුරුව සිදුවනු ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
ඉදිරි ජනාධිපතිවරණය වෙනුවෙන් ශ්‍රී ලංකා පොදුජන එක්සත් පෙරමුණ යටතේ නව සන්ධානයක් බිහිකිරීමට පියවර ගෙන තිබේ.
ඒ අනුව මෙහි ඉදිරි වැඩකටයුතු සඳහා නව නිලධාරී මණ්ඩලයක් පත් කිරීමට නියමිතය.
ශ්‍රී ලංකා පොදුජන එක්සත් පෙරමුණේ මහලේකම් ධුරය ලසන්ත අලගියවන්න විසින් දරණු ලබන අතර එම ධුරයේ සිට සියලු තනතුරු වෙනස් වන බව වාර්තා වේ.
කෙසේවෙතත් මෙම කටයුතු හිටපු ජනාධිපතිවරයාගේ විදෙස් සංචාරවලින් අනතුරුව සිදුවනු ඇති බව සඳහන්ය.