ශ්‍රී ලංකාවේ රාජ්‍ය ආයතනවල කටයුතු නවීකරණය සිදුකර වඩාත් මහජන මිත්‍රශීලී සේවාවක් බවට පත් කර ගැනීම

සඳහා ඉන්දියාවෙන් ලබා ගත හැකි ආදර්ශයන් පිළිබඳව කරුණු අධ්‍යයනය කිරීම සඳහා අග්‍රාමාත්‍ය ලේකම්වරයා ප්‍රමුඛ මෙරට ඉහළ පෙළේ නිලධාරීහු 14 දෙනෙකු මේ දිනවල ඉන්දියාවේ අධ්‍යයන චාරිකාවක නිරතවේ.

පසුගිය වසරේ ජූලි මාසයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් සිදු කරන ලද ඉන්දීය සංචාරයේදී, ඉන්දීය අග්‍රාමාත්‍ය ශ්‍රීමත් ආචාර්ය නරේන්ද්‍ර මෝදි අතර පැවැති සාකච්ඡාවේදී එකඟතාවය දක්වනු ලැබූ වැඩසටහනක් මෙලෙස ක්‍රියාත්මක වී තිබීම මෙහි ඇති විශේෂත්වයයි.

ඉන්දු ශ්‍රී ලංකා දෙරට අතර සබඳතා ප්‍රවර්ධනය කිරීම හරහා අභිවෘද්ධිය ලඟා කර ගැනීම පිණිස ආර්ථික හවුල්කාරිත්ව දැක්මකට නායකයින් දෙදෙනාම එහිදී එකඟතාවය පළකලහ. මේ සඳහා දායක වන ප්‍රධානම සාධකය ලෙස සියලු මානයන්හි සම්බන්ධතාවය (connectivity), ප්‍රධාන වශයෙන් දෙරට ජනතාව අතර (people-to-people) සහයෝගීත්වය ප්‍රවර්ධනය කිරීමේ සහ ශක්තිමත් කිරීමේ වැදගත්කම අවධාරණය කරන ලදී. ඒ අනුව සිදු කරන ලද වැඩපිළිවෙලක ප්‍රතිපල වශයෙන් ඊයේ දින (පෙබ 12) ප්‍රධාන සහයෝගීත්ව මුලාරම්භයක් දියත් කෙරේ.


ඉන්දියාව සිවිල් සේවාවන්හි ධාරිතාව ගොඩනැගීමේ දැවැන්ත වැඩ සටහනක් දියත් කර ඇති මොහොතක ඉන්දියාවේ රාජ්‍ය ආයතන සමඟ බද්ධ වී ශ්‍රී ලංකාවේ අදාළ ආයතන සිය කර්තව්‍යයන් වඩාත් නව්‍යකරණයකින් යුක්තව සිදු කිරීම සඳහා ප්‍රධාන ඉන්දීය රාජ්‍ය ආයතන කිහිපයක් සමඟ බද්ධව සිය ධාරිතාව ගොඩ නංවා ගැනීම සඳහා වැඩසටහනක් දියත් කිරීමට බලාපොරොත්තු වේ. ඒ අනුව මෙම සංචාරය සිදු කෙරේ.


ඒ අනුව අග්‍රාමාත්‍ය ලේකම්, අනුර දිසානායක ගේ ප්‍රධානත්වයෙන් යුතුව ලේකම්-රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය, ලේකම්-තාක්ෂණ අමාත්‍යංශය, සභාපති- අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව, අධ්‍යක්ෂ ජනරාල්-ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනය, නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් - නීතිපති දෙපාර්තමේන්තුව, විධායක අධ්‍යක්ෂ-ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය  යන නිලධාරීන් ඇතුළු රාජ්‍ය නිලධාරින් 14 දෙනෙකුගෙන් සමන්විත ඉහල පෙළේ නිලධාරීන් පිරිසක් ඉන්දියාවේ යහපාලනය සඳහා වූ ජාතික මධ්‍යස්ථානයෙහි 2024 පෙබරවාරි මස 12 -17  දින දක්වා පැවැත්වෙන වැඩසටහනක් සඳහා සහභාගී වීමට අවශ්‍ය සියලු කටයුතු ඉන්දියානු රජය විසින් සකස් කර දී ඇත.

ඒ අනුව ශ්‍රී ලංකාවේ රාජ්‍ය ආයතන 12ක් නියෝජනය වන පරිදි ප්‍රධාන වශයෙන් විද්‍යුත් ප්‍රසම්පාදනය (e-procurement) ඇතුළු රජයේ ප්‍රමුඛ සේවාවන් සඳහා ඩිජිටල්කරණ නිරාවරණය (Digitalization Exposure in Core-functions), අලුතින් බඳවාගන්නා රාජ්‍ය සේවකයන්ගේ ධාරිතා සංවර්ධනය, දුෂණ විරෝධී පියවර (Anti-Corruption Measures), ආයෝජන පහසුකම් සැලසීම සහ ආහාර ද්‍රව්‍යවල මධ්‍යම මිලකරණ යාන්ත්‍රණය (Central Pricing Mechanism of Foods) යන ක්ෂේත්‍රවල අදාළ ආයතනවල ධාරිතා සංවර්ධනය කල යුතු ක්‍රමවේදය පිලිබඳ සාකච්ඡා පැවැත්වීමට අපේක්ෂිතය.


රාජ්‍ය සේවයේ ගුණාත්මක පරිවර්තනයක් සඳහා මෑත දී ක්‍රියාත්මක කරන ලද මුලාරම්භයන් හරහා ඉන්දියාව විසින් අත්පත් කරගෙන ඇති ප්‍රගතිය හා අදාළ ඉන්දීය රාජ්‍ය ආයතන විසින් ආර්ථිකයේ වර්ධනය අරභයා සාර්ථකව ක්‍රියාත්මක කර ඇති ප්‍රතිපත්තිමය, ආයතනික හා මෙහෙයුම් වැඩි දීයුණු කිරීම් පිළිබඳව අවබෝධයක් ලබා ගැනීමටත් ආර්ථික වශයෙන් තිරසාර වශයෙන් ස්ථාවර වීම සඳහා පියවර ගන්නා අතරතුර ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධන ප්‍රවේශයේ දී ඊට දායක වන රාජ්‍ය ආයතනවල ධාරිතා සංවර්ධන ප්‍රමුඛතා පෙළ ගස්වා ගැනීමත් අදාල ඉන්දීය ආයතන සමඟ ඇති කර ගත හැකි ආයතනික සහයෝගීතාවයන් හඳුනා ගැනීමත් මෙම ශ්‍රී ලංකා නිල නියෝජිත කණ්ඩායමේ අභිප්‍රායයි.


ශ්‍රී ලංකා දූත පිරිස මෙම කර්තව්‍යය සිදු කරන අතරතුර විදේශ කටයුතු අමාත්‍ය, පිරිස් පිළිබඳ රාජ්‍ය අමාත්‍ය, මහජන දුක්ගැනවිලි අමාත්‍ය, විදේශ කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය, අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධාන ලේකම්, කැබිනට් ලේකම් යනාදීන් ද හමු වී අදහස් හුවමාරු කරගනු ඇත.

 


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්