ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ මොරිෂස් දුපත් අතර ඩිජිටල් ක්‍රමවේදය ඔස්සේ UPI හෙවත්

(ඒකාබද්ධ ගෙවුම් අතුරු මුහුණත) ඔස්සේ ගෙවීම් කිරීමේ ක්‍රමවේදය ඊයේ (පෙබරවාරි 12 වැනිදා) හඳුන්වා දෙනු ලැබුණි.

ශ්‍රී ලංකාවට පැමිණෙන ඉන්දීය සංචාරකයන්ට සිය ගනුදෙනු වලදී QR කේතය මඟින් ඩිජිටල් ක්‍රමවේදය ඔස්සේ ගෙවීම් කිරීමට මෙමගින් පහසුකම් සැලසෙනු ඇත.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, මොරිෂස්හි අග්‍රාමාත්‍යවරයා සහ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජෙයිශංකර් මාර්ගගත ක්‍රමය ඔස්සේ, මෙම ගෙවීම් කිරීමේ ක්‍රමයවේදය ආරම්භ කිරීමේ අවස්ථාවට එක්ව සිටියහ.

මොකක්ද මේ UPI ගෙවුම් ක්‍රමවේදය කියන්නේ ?

ශ්‍රී ලංකාවට පැමිණෙන ඉන්දීය සංචාරකයන් සඳහා QR කේතය මගින් ගෙවීම් කිරීම සඳහා මෙම ක්‍රමය හඳුන්වා දෙනු ලැබීය.

මෙම නව ගෙවීම් පද්ධතිය හඳුන්වනු ලබන්නේ UPI හෙවත් ඒකාබද්ධ ගෙවුම් අතුරු මුහුණත ක්‍රමවේදය ලෙසයි.

NPCI International Payments Limited සහ ශ්‍රී ලංකාවේ LankaPay පුද්ගලික සමාගම ඒකාබද්ධව මෙම ගෙවීම් ක්‍රමවේදය හඳුන්වා දී ඇත.

මෙම ගෙවීම් ක්‍රමවේදය කවුරුන් උදෙසා නිර්මාණය කරන ලද්දක්ද ?

මෙම UPI හෙවත් ඒකාබද්ධ ගෙවුම් අතුරු මුහුණත ක්‍රමවේදය හඳුන්වා දී ඇත්තේ මෙරටට සංචාරය සඳහා පැමිණෙන ඉන්දීය ජාතිකයින්ට සහ ව්‍යාපාරික ප්‍රජාව වෙනුවෙන්ය.

මෙම ක්‍රමය ඔස්සේ කිසිදු ගැටලුවකින් තොරව මෙරටදී පහසුවෙන් සිය ගනුදෙනු කිරිමට ඉන්දීය ජාතිකයින්ට අවස්ථාව උදාවේ.

“ගෙවුණු අවුරුද්දේ ඉන්දියාවේ ඉදලා ලංකාවට සංචාරකයින් ලක්ෂ 03ක් ඇවිත් තියෙනවා. එහෙම එන අයට පුළුවන් කිසිම ගැටලුවකින් තොරව තමන්ගේ ජංගම දුරකථනයේ තියෙන ඇප් එකෙන් ලංකාවේ ගනුදෙනු කරන්න." බීබීසී සිංහල සේවය සමග එක්වෙමින් Lankapay ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂක චන්න ද සිල්වා පැවසීය.

දැනට ලංකාවේ UPI ගෙවීම් පහසුකම් සහිත ස්ථාන කොපමණ සංඛ්‍යාවක් තිබෙනවා ද?

UPI හරහා ගෙවීම් කටයුතු සිදු කිරීමේ ක්‍රමවේදය හඳුන්වා දීමෙන් අනතුරුව ඒ පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ දී අද (12) පස්වරුවේ පැවැත්විණි.

NPCI International Payments Limited සහ ශ්‍රී ලංකාවේ LankaPay පුද්ගලික සමාගම ඒකාබද්ධව ක්‍රියාත්මක කරනු ලබන මෙම වැඩසටහන වේගයෙන් ව්‍යාප්ත කිරීම ඉලක්ක කර ගනිමින් වෙළෙඳසැල් 10,000ක මෙම ගෙවීම් ක්‍රමය ක්‍රියාවට නැංවීම මේ හා සමගාමීව සිදු කෙරෙන අතර මෙම පහසුකම තවදුරටත් පුළුල් කරමින්, 2024 මාර්තු මාසය වන විට මෙම වෙළෙඳසැල් සංඛ්‍යාව 65,000ක් දක්වා ඉහළ නැංවීමට නියමිත බව මෙහිදී අනාවරණය කෙරිණි.

තම ගිණුම අයත් මූල්‍ය ආයතනය හා සම්බන්ධ වී වෙළෙඳ එකඟතාවකට පැමිණීමෙන් ව්‍යාපාරයට අදාළ QR කේතය පහසුවෙන් ලබා ගත හැකි බව මෙහිදී අදහස් දැක්වූ මහ බැංකුවේ අධ්‍යක්ෂ (ගෙවීම් සහ පියවීම්) වසන්ත අල්විස් පැවසීය.

ශ්‍රී ලංකා මහ බැංකුවේ ලියාපදිංචි සියලුම බැංකු හා මූල්‍ය ආයතන එම කේතය නිකුත් කිරීමට බැඳී සිටින බවද ඒ ඔහු අවධාරණය කළේය.

බොහෝ ඉන්දියානුවන් QR කේත ගෙවීම්වලට පුරුදු වී සිටීම හේතුවෙන් ශ්‍රී ලංකාව පුරා සිටින අතර ඔවුන්ට මෙරටදී වෙළෙඳ ප්‍රජාවට ගෙවීම් කටයුතු සිදු කිරීම සඳහා UPI-සක්‍රිය ජංගම යෙදුම් බාධාවකින් තොරව භාවිතා කළ හැකි වේ.

දැනටමත් දේශීය ගනුදෙනු සඳහා වඩාත් සුදුසු ක්‍රමවේදයක් වන LankaQR මඟින් QR කේතයක ස්කෑන් කිරීමකින් සරලව ගෙවීම් සිදු කිරීම සඳහා අවස්ථාව සැලසේ.

මෙමඟින් සිදු කෙරෙන ගෙවීම් අදාළ ගිණුමට ශ්‍රී ලංකා රුපියල්වලින් බැර වන අතර එය කෙටි පණිවිඩයක් මඟින් එසැණින් දැනුම් දෙනු ලබයි.

මෙහි දෙවැනි අදියරේදී මෙම ක්‍රමය තවදුරටත් පුළුල් කරමින් ශ්‍රී ලාංකිකයන්ට ඉන්දියාවේදී මේ ආකාරයෙන් QR කේතය හරහා ගෙවීම් කිරීමේ පහසුකම ලබා දීමට අපේක්ෂා කෙරේ.

UPI ගෙවීම් හරහා ලංකාවට ලැබෙන වාසි මොනවාද ?

මෙම UPI ගෙවීම් ක්‍රමය මගින් ශ්‍රී ලංකාවට ලැබෙන වාසිය කුමක්දැයි බීබීසී සිංහල සේවය විසින් සොයා බැලීමක් කරන ලදි.

නව ගෙවීම් ක්‍රමවේදය හරහා රටට විදේශ විනිමය ලැබීම හා ඒ හා සමානව සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට බැංකු හරහා ගනුදෙනු කිරිම මගින් වාසි හිමිවේ.

"ලංකාවට එන ඉන්දීය සංචාරකයෙක්ට අවශ්‍යතාවයක් උද්ගත වෙන්නේ නැහැ ඔහුට ඉන්දියාවේ මුදල් ඩොලර් වලට හරි ලංකාවේ රුපියල් වලට මාරු කරන්න”

"ඒ ඉන්දීය සංචාරකයාට තමන් ලබා ගන්නා සේවාවට හෝ භාණ්ඩයට කෙලින්ම මුදල් ගෙවන්න පුළුවන් මේ QR කේතය හරහා."

"අනෙක් පැත්තෙන් ගත්තම අපේ රටේ මිලියන 05 කට ආසන්න සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින් ඉන්නවා. එතකොට ඔවුන්ට පුළුවන් මේ හරහා බැංකු පද්ධතිය එක්ක ගණුදෙනු කරන්න."

"ඒක ඒ ව්‍යාපාරිකයින්ට උපකාරයක් වෙනවා මාස 06ක් වගේ කාලයක් යද්දී බැංකු ණයක් වුනත් ඉල්ලුම් කරන්න. මොකද අද වෙද්දී බැංකු ණයක් ගන්න අමාරුයි සුළු ව්‍යාපාරිකයින්ට." LankaPay ආයතනයේ කළමණාකාර අධ්‍යක්ෂක චන්න ද සිල්වා කියා සිටියේය.

සිය ඉන්දීය නිල සංචාරයේ ප්‍රගතිය ගැන ජනපති සිහිකැඳවයි

මේ අතර ඒකාබද්ධ ගෙවුම් අතුරු මුහුණත (UPI) ඔස්සේ ගෙවීම් කටයුතු සිදු කිරීමේ ක්‍රමයවේදය හඳුන්වා දීමේ වැඩසටහනට එක් වෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසුවේ සිය ඉන්දීය නිල සංචාරයේදී එළිදක්වන ලද “දැක්ම ප්‍රකාශය” අනුව දෙරට අතර පවතින ද්වීපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කරමින් මෙම ගෙවීම් ක්‍රමය හරහා ශ්‍රී ලංකාව, ඉන්දියාවේ තමිල්නාඩු හා මුම්බායි සමඟ සම්බන්ධව වන බවයි.

මෙම ක්‍රමය හරහා ව්‍යාපාරිකයින් ලක්ෂ 04 කට පමණ ප්‍රතිලාභ සැලසෙන බවද මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ පැවති සමාරම්භක උත්සවය අමතමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසුවේය.

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා සමඟ පසුගියදා පැවති සාකච්ඡා තුළින් යහපත් ප්‍රගතියක් පිළිබිඹු වන බව පැවසූ ජනාධිපතිවරයා, මොරිෂස් රාජ්‍ය සමඟ ද ඇති වූ සහයෝගීතාව මගින් නව සම්බන්ධතා ගොඩනැගීමට දරණ ප්‍රයත්නය තවදුරටත් පුළුල් වන බව ද ප්‍රකාශ කළේය.

pmdමෙම ක්‍රමය හරහා ව්‍යාපාරිකයින් ලක්ෂ 04 කට පමණ ප්‍රතිලාභ සැලසෙන බවද මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ පැවති සමාරම්භක උත්සවය අමතමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසුවේය.


UPI හරහා ලංකාව ඉන්දියාවේ ආධිපත්‍යට නතු වෙනවාද ?

ඊයේ සිට ක්‍රියාත්මක කෙරෙන මෙම UPI හෙවත් ඒකාබද්ධ ගෙවුම් අතුරු මුහුණත ක්‍රමවේදය හරහා ශ්‍රී ලංකාවට යම් අවාසි සහගත තත්ත්වයක් ඇතිවේදැයි බීබීසී සිංහල පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරලගෙන් විමසීමක් කළේය.

ඔහු කියා සිටියේ නවීන තාක්ෂණයත් සමගම ගෝලීය වශයෙන් ලෝකයේ රටවල් මේ වන විට ගනුදෙනු කිරීම මාර්ගගත ක්‍රමය හරහා සිදුකරන බැවින් නව UPI ගෙවීම් ක්‍රමය හරහා ශ්‍රී ලංකාවට අගතියක් අත්නොවන බවයි.

"මේ UPI ගෙවීම් ක්‍රමවේදය 2016 වසරේදී හඳුන්වා දීලා තියෙන්නේ. මේ වෙද්දී රටවල් රැසක් නව ගෙවීම් ක්‍රමවේදය එක්ක එකතු වෙලා ඉන්නවා."

"ඉන්දිය රජය බලාපොරොත්තු වෙනවා ඇති ඔවුන්ගේ මුදල් ඒකකයට ගෝලීය වශයෙන් යම් පිළිගැනීමක් මේ හරහා ඇති කරවන්න. "

උදාහරණයක් විදිහට ගත්තම ඇමෙරිකාවේ ඩොලරයට ලෝක වෙළෙඳපලේ තියෙනවා වගේ පිළිගැනීමක් ඇති කරවගන්න.

"මේ ක්‍රමය මගින් ලංකාවේ සුළු හා මධ්‍ය පරිමාණයේ ව්‍යාපාරිකයින්ට හොඳ අවස්ථාවක් උදාවෙනවා."

ඒ වගේම නව ක්‍රමවේදයත් එක්ක රජයට පුළුවන් වෙනවා ගනුදෙනු සිදුවෙන ආකාරය ගැන නිරීක්ෂණය කරන්න බැංකු පද්ධතිය හරහා. එතකොට ආණ්ඩුවට හැකියාව ලැබෙනවා තමන්ගේ බදු කටයුතු සඳහා අදාළ ව්‍යාපාරිකයින් ගේ තොරතුරු නිරීක්ෂණය කරන්න." මහාචාර්යවරයා කියා සිටියේය.

(BBC සිංහල සේවය)

සබැඳි පුවත් :
ඉන්දීය සංචාරකයන්ට ඩිජිටල් ක්‍රමවේදය ඔස්සේ ගෙවීම් පහසුකම්

 


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්