ඇමෙරිකානුවන් වැඩි වශයෙන් ශ්‍රී ලංකාවේ සංචාරය සඳහා ආකර්ශනය කරන දැවැන්ත වැඩපිළිවෙලකට වොෂින්ටන් DC තානාපති මහින්ද

සමරසිංහ ඇතුළු තානාපති අංශ විසින් ආරම්භ කර තිබේ.

ඇමෙරිකාවේ ප්‍රධානම මාර්ගගත සංචාරක සමාගමක් වන එක්ස්ෆීඩියා හා කටාර් ගුවන් සේවයේ සහාය ද මේ සදහා ලබා ගැනීමට තානාපති අංශ ක්‍රියාකොට ඇති අතර එම වැඩසටහන ජනවාරි 29 දා ඇරඹුන අතර අප්‍රේල් මැද දක්වා ක්‍රියාත්මකවීමට නියමිතය.

මෙම වැඩසටහනට ඩොලර් 30,000 සිට 50,000 දක්වා මුදලක්  වැයවෙන බවට අනුමාන කෙරෙන අතර කටාර් ගුවන් සමාගම ඊට අනුග්‍රහය දක්වා තිබේ.

මෙම වැඩසටහන හේතුවෙන් ලංකාවේ සංචාරක හෝටල් හා ආශ්‍රිත කටයුතු ප්‍රවර්ධනයක් අපේක්ෂා කෙරෙන අතර 2023 දී තානාපති කාර්යාලය හරහා සිදුකල ප්‍රවර්ධන කටයුතුවල ප්‍රතිළුලයක් ලෙස එම වසරේ දී ශ්‍රී ලංකාවේ සංචාරය කල ඇමෙරිකානුවන් සංඛ්‍යාව 46,344 ක් දක්වා ඉහළ ගියේය.

මෙම වැඩසටහන තුළින් එම සංඛ්‍යාව තවත් ඉහළ දැමීමට ද අපේක්ෂිත අතර ඇමෙරිකානු සංචාරකයන් ලංකාවට වැඩිපුර ආකර්ශනය සදහා මේ වසරේ තවත් වැඩසටහන් රැසක් සැළසුම් කොට ඇති බව ද වොෂින්ටන් තානාපති ආරංචිමාර්ග වැඩිදුරටත් සදහන් කරයි.

(අශෝක ජයතුංග ඇමෙරිකාවේ, වොෂින්ටන් සිට)



worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්