1982 වසරේදී ජේ. ආර්. ජයවර්ධන ආණ්ඩුවට ජපන් රජයේ පූර්ණ පරිත්‍යාගයක් ලෙස ලැබුණු ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව අද (පෙබ:14) සිය වයස අවුරුදු 42 වැනි සංවත්සරය සමරණු ලබනවා.


ජාතියේ නාලිකාව වශයෙන් වැජඹිණ රූපවාහිනී සංස්ථාව මේ වන විට මිලියන තුන්දහසකට වැඩි මුදලක ණය කරුවකු බවට පත් වී ඇත්තේ දුෂිත කළමනාකාරිත්වය නිසිවෙන් බවට එහි සේවකයෝ චෝදනා කරති.

මේ වන විට රූපවාහිනිය විදුලි බිලක්වත් ගෙවා ගැනීමට නොහැකි තත්වයකට පත්ව ඇති අතර ආසන්තම සිදුවිම ලෙස ඊයේ (13) දින රූපවාහිනියේ විදුලිය විසන්ධි කළ බවයි සේවකයන් පවසන්නේ.

අද උදෑසන රූපවාහිනි සේවයන් ඇමතීමට උත්සාහ කළ එහි සභාපති ආචාර්ය ප්‍රසාද් සමරසිංහ හට සේවකයන්ගෙන් දැඩි විරෝධයක් එල්ල වී ඇති අතර සේවකයන් චෝදනා කරන්නේ ඔහු හොරු, දුෂිතයන් ආරක්ෂා කරන බවටයි.

“සේවයෝ අද හර්තල් එකක් වගේ වීදි නාට්‍යයක් එහෙම කරන්න හිටියා. ඒක දැනගෙන සභාපතිවරයා අද උදේ සේවකයෝ අමතන්න ආවා. ඒ ඇවිල්ලා එයා කියනවා මේක ලාබයි කියලා. ලාබ නම් කොහොමද මේකේ ලයිට් කපන්නේ. ඊයෙත් ලයිට් කැපුවා. ජ්‍යෙෂ්ඨ කළමනාකාරිත්වය තමයි මේ වැටිමට සම්පුර්ණයෙන්ම වගකියන්න ඕනා. එයාලව සුද්ද කරගෙන සභාපති කතා කරන්න ආවාම මිනිස්සු කෑ ගැහුවා. බන්දුල ඇමැතිතුමා පුම්බන්න චැනල් අරින්න ඕනේ නැහැ අපිට සත පහක්වත් කවුරුත් දෙන්නේ නැහැ කියලා සේවකයෝ විරුද්ධ වුනා. දැන් තාවකාලිකව වෙබ් රේඩියෝ එක නැවැත්තුවා.” යැයි නම හෙළි නොකරන ලෙස ඉල්ලා සිටි සේවකයකු ද ලීඩර් වෙත කියා සිටියේය.

රූපවාහිනියේ සේවක විරෝධය මැද ඇමැතිව පුම්බන්න ගෙන වෙබ් රේඩියෝව නවතී

සේවයන්ගේ විරෝධය මැද අද දින ආරම්භ වීමට නියමිතව තිබු “රූ රේඩියෝ” නම් වේබ් නාලිකාව ද නවතා දමා ඇති අතර සේවකයන් චෝදනා කරන්නේ වැටුප් ගෙවා ගැනීමටත් නොමැති අවස්ථාවක මෙවැනි දෙයක් ආරම්භ කිරිම තවත් මුදල් කබාසිනියා කිරිමක් බවටයි.

රූපවාහිනියේ විකාශනය වූ ටෙලි නාට්‍ය වලට ගෙවිය යුතු හිග මුදල් පවා ගෙවා ගැනිමට සංස්ථාවට වත්කමක් නොමැති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

රූපවාහිනියේ වත්මන් සභාපති ආචාර්ය ප්‍රසාද් සමරසිංහ සහ අධ්‍යක්ෂ මණ්ඩලයේ දුර්වල කළමනාකරණ ප්‍රතිපත්තීන් හේතුවෙන් රජයට ගෙවිය යුතු වැට් මුදල් වසර ගණනාවක් ගෙවා නැත. සේවකයින්ගේ ඊපීඑෆ් සහ ඊටීඑෆ් මාස ගණනාවකින් ගෙවා නැත. විශ්‍රාම පාරිතෝශිකය ගෙවිය යුතු විශ්‍රාමිකයින් ගණන 40කට අධික බවයි සේවයන් පවසන්නේ.

දිනෙන් දින පාඩු ලබන රූපවාහිනි සංස්ථාවේ සේවකයන්ගේ වැටුප් ගෙවා ගත නොහැකි තත්වයකට ඇති වි තිබෙන මොහොතක එහි සභාපති ආචාර්ය ප්‍රසාද් සමරසිංහ සිය තනතුරෙන් ඉවත් වී විදෙස් ගත වීමට සුදානම් වන බව ද වැඩිදුරටත් වාර්තා වේ.

WhatsApp Image 2024 02 13 at 4.46.02 PM 


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්