දේශපාලන බෙදීම් ප්‍රගතියට බාධාවක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.


අනුරාධපුර උතුර ජල සම්පාදන ව්‍යාපෘතියේ සමාරම්භක උත්සවය අමතමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව අවධාරණය කළේය.

 ජාතික සංවර්ධනය සඳහා එකමුතුවේ අවශ්‍යතාව අවධාරණය කළ ජනාධිපතිවරයා, තම දේශපාලන හිතවත්කම් සඳහා නොව, ජාතියේ ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම සඳහා සහයෝගයෙන් කටයුතු කරන ලෙස සියලු පාර්ශවයන්ගෙන් ඉල්ලා සිටියේය.

 කලාපයේ කෘෂිකාර්මික අවශ්‍යතා සහ පානීය ජල අවශ්‍යතා සපුරාලීම අනුරාධපුර උතුරු ජල සම්පාදන ව්‍යාපෘතියේ අරමුණ බව පැවසු ජනාධිපතිවරයා, මෙම ජල ව්‍යාපෘතිය කෘෂිකර්මාන්තයට අහිතකර ලෙස බලපාන්නේ නැති බවටද සහතික විය.

හකනදරාව වැව ආශ්‍රිත ගොවි ජනතාවගේ ගැටලු සොයා බැලීමට ජනපති එක් වෙයි

මහකනදරාව වැව මූලාශ්‍ර කරගත් අනුරාධපුර උතුර ජල සම්පාදන ව්‍යාපෘතිය  අද (15) පෙරවරුවේ විවෘත කිරීමෙන් අනතුරුව එම ප්‍රදේශයේ ගොවි ජනතාව මුහුණදී සිටින ගැටලු පිළිබඳ සොයා බැලීමේ සාකච්ඡාවකට ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ එක් විය.

එහිදී ගොවි ජනතාව තම ගැටලු සෘජුව ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කළ අතර ඊට සාධනීය පිළිතුරු ලබාදීමට ජනාධිපතිවරයා කටයුතු කළේය.


ව්‍යාපෘතියට අදාළව මතුව ඇති විරෝධතා පිළිබඳ මෙහිදී අවධානය යොමු කළ ජනාධිපතිවරයා කියා සිටියේ ජල ව්‍යාපෘතිය මේ වන විට ඉදිකර අවසන් බැවින් එය නවත්වන ලෙස උද්ඝෝෂණය කරනවාට වඩා ඉදිරියට ගත හැකි පියවර කුමක්දැයි විමසීම වැදගත් බවයි.‍ඒ පිළිබඳ ගොවි ජනතාවට තිබෙන යෝජනා සති දෙකක් ඇතුළත ලබා දෙන ලෙස උපදෙස් දුන් ජනාධිපතිවරයා එහි සාධනීය කරුණු කඩිනමින් ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බවද සඳහන් කළේය.


මෙරට ගොවි ජනතාව වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ වන විට ඉටුකර ඇති කාර්යභාරය අනුව මහකනදරාව වැව ආශ්‍රිත ගොවි ජනතාව වෙත ද   ලබා දුන් පොරොන්දු  ඉටු කරනු ඇතැයි  විශ්වාස  කරන බව මහකනදරා වැව ඒකාබද්ධ ගොවි ව්‍යාපාරයේ සභාපති සුභසිංහ රත්නායක මෙහි දී සඳහන් කළේය.

මහකනදරාව වැවට ජලය ගෙන එන බෙදීම් ඇළ මාර්ග ප්‍රතිසංස්කරණය සඳහා අදාළ මුදල් ලබා දෙන්නේ නම් විශාල ජල ධාරිතාවක් ඉතිරි කරගත හැකි බව ඔහු පෙන්වා දුන් අතර ඊට ප්‍රතිචාර දක්වමින් ජනාධිපතිවරයා සඳහන් කළේ, මහකනදරාව වැව ප්‍රතිසංස්කරණය වෙනුවෙන් මේ වසරේදී රජය ලබාදී ඇති රුපියල් බිලියනයක මුදල කඩිනමින් ප්‍රයෝජනයට ගන්නා ලෙසයි.

''මෙතෙක් කල් හැම ආණ්ඩුවක්ම සිදු කළේ ජල සම්පාදන මණ්ඩලය එක් ඇමතිවරයෙකුට දී, වාරිමාර්ග තව ඇමතිවරයෙකුට ලබාදීම. නමුත් දැන් මේ විෂය පථ දෙකම එක ඇමතිවරයෙක් යටතේ ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා මේ වැඩකටයුතු ඉදිරියට ක්‍රියාත්මක කරන්නේ කෙසේද කියා අප සාකච්ඡා කර තීරණය කළ යුතුයි ''යයි ද ජනාධිපතිවරයා පැවසිය.

 mahakarawawa

 

 


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්