ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හෝමාගම සංවිධායකවරයා මෙන්ම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු

සහ බස්නාහිර පළාත් සභාවේ හිටපු අමාත්‍යවරයකු වූ ගාමිණි තිලකසිරි සහ කැස්බෑව නගර සභාවේ හිටපු සභාපති මෙන්ම හිටපු පළාත් සභා මන්ත්‍රීවරයකු වූ ගාමිණි සිල්වා අද (16) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හමුවී සමගි ජන බලවේගයට සහාය දැක්වීම සඳහා එක්විය.

එසේ සමගි ජන බලවේගය හා එකතු වූ ගාමිණී තිලකසිරිගේ නිවසේ පැවැති ජන හමුවකට එක් වූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, පවුල් දේශපාලනය සහ ඩීල් දේශපාලනය නිසා රටට වුන විපත හොඳින් දන්නා බවත්, එහෙයින් පවුල් දේශපාලනයවත් ඩීල් දේශපාලනයවත් අප ළඟ නැතැයි නැහැ අවධාරණය කළේය.


විවිධ හේතු මත පැතිමාරු කිරිම් සිදු වුවත් තමා විවිධ පාර්ශ්ව සමග ගිවිසුම් ඇති කර ගන්නේ ජනතාවට සේවය කළ යුතුය යන පොරොන්දුව මත මිස වරදාන වරප්‍රසාද ලබා දෙන පොරොන්දු මත නොවන බවත් පසුගිය කාලයේ විවිධ රජයන් විවිධ පාර්ශ්ව යටතේ ඩීල් ගැසුවේ ඇමතිකම් වරදාන වරප්‍රසාද ලබාගෙන වුවත් සජිත් ප්‍රේමදාස සමග එවැනි ඩීල් ගැසිය නොහැකි බවත් විපක්ෂ නායකවරයා පැවසීය.


දිනන අයට මෙන්ම පසුබෑමට ලක්වන ඕනෑම කෙනෙකුට තමා අවස්ථාව ලබා දෙන බවත් සමගි ජන බලවේගය සමඟ සිටින සියලු දෙනා මහජනතාවට සේවය කල හැකි ලෙස සවිබල ගන්වන බවත් ඉන් එපිටට කිසිදු ගිවිසුමක් හෝ ඩීල් එකක් නොමැති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

සමගි ජන බලවේගය යනු තාත්තගෙන් පුතාට යන දේශපාලන ගමනක් නොවන බවත් පවුල් දේශපාලනය සමගි ජන බලවේගය තුළ නොමැති බවත් පවුල් දේශපාලනය නිසා රටට වුන හානිය හොදින් දන්නා බැවින් රාජ්‍ය පාලනය සඳහා පවුලේ සාමාජිකයන් කිසිදු අවස්ථාවක සම්බන්ධ කර නොගන්නා බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස වැඩිදුරටත් පැවසීය.

ගම්, නගර, වීදි, කුඩා ගම් පාසා රටේ ජනතාවට සංවේදී විය යුතු බවත් ජනතාව සමඟ හොඳ ශක්තිමත් සබදතාවක් පවත්වාගෙන යා යුතු බවත් ඒ ක්‍රියාවලිය ශක්තිමත් කිරීම මෙහි දි සිදුවන බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.

එසේම ගාමිණි තිලකසිරි මෙන්ම ගාමිණි සිල්වා සමඟ අත්වැල් බැඳ ගැනීම තම දේශපාලන ගමන ශක්තිමත් කිරීමක් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මෙම අවස්ථාවට අද දින සමගි ජන බලවේගය හා එක් වූ කැස්බෑවේ හිටපු සභාපති ගාමිනී සිල්වා ඇතුළු සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් ඇතුළු පිරිසක් එක් ව සිටියේය.
lkjhdfr

 


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්