ඇමරිකාවේ විශේෂ සංචාරයක නිරත ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන‍ෙ

වොෂින්ටන් ඩී.සී හි පිහිටි විශ්ව සාම සම්මේලනයේ ජාත්‍යන්තර කාර්යාලයට ගොස් තිබේ.

පෙබරවාරි 15 වැනිදා එහි ගිය හිටපු ජනාධිපතිවරයා දිවා භෝජන සංග්‍රහයකට සහභාගි වී ඇත.

විශ්ව සාම සම්මේලනයේ මහ ලේකම් ලැරී මොෆිට් (Larry Moffitt), විශ්ව සාම සම්මේලනයේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රධාන නියෝජිත ආචාර්ය ටැගල්ඩින් හමඩ් (Dr. Tageldin Hamad) සහ විශ්ව සාම සම්මේලනයේ ජ්‍යෙෂ්ඨ උප සභාපතිනී ටොමිකො ඩුග්ගාන් (Tomiko Duggan) හිටපු ජනාධිපතිවරයාව උණුසුම් අයුරෙන් පිළිගෙන තිබේ.

එහිදී ශ්‍රී ලංකාවේ සහ ලෝක සාමය සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිතුමන් සමඟ දීර්ඝ වශයෙන් සාකච්ඡා කළේය.

මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා විශ්ව සාම සම්මේලනයේ ආසියා පැසිෆික් උප සභාපතිවරයා ලෙස සිදුකර තිබෙන සහ මේ වන විට සිදු කරගෙන යනු ලබන සේවය වෙනුවෙන් විශ්ව සාම සම්මේලනයේ ජාත්‍යන්තර කාර්යාලය විසින් විශේෂ සමරුවක්ද පිළිගන්වන ලදි.

(චතුරංග මේදිස්)

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්