වත්මන් රජය උග්‍ර පොහොසතුන්ව සුපිරි පොහොසතුන්ව රකිමින් කතා කිරීමේ නිදහස,

ප්‍රජාතන්ත්‍රවාදී නිදහස අහිමි කර ඇති බවට විපක්ෂ නායකවරයා චෝදනා කරයි.

බංකොලොත් රටේ ජනතාවට, රටට, ගමට වැඩක් නොමැති අසාර්ථක ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව රටේ ජනතාව නොමරා මරමින් සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පොළොන්නරුව කඳුරුවෙල අල්මීනා මහා විද්‍යාලයට සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහනේ 102 වැනි අදියට යටතේ රුපියල් ලක්ෂ 10ක් වටිනා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දීමේ අවස්ථාවට එක්වෙමින් කියා සිටියේය.

විපක්ෂ නායකවරයා පෙන්වා දෙන්නේ මාර්ගගත සුරක්ෂිතභාවය සම්බන්ධ පනත, ත්‍රස්තවිරෝධි පනත උපයෝගී කර ගෙන මිනිසුන්ගේ නිදහස සීමා කිරිමට කටයුතු කරන බව මෙන්ම සත්‍ය දැන ගැනීමට ඇති අයිතිය නැති කිරීමට ආණ්ඩුව උත්සාහ කරන බවයි.

මෙවැනි දුර්දාන්ත ආණ්ඩුවක් රට පාලනය කරමින් පාලකයන් සුපිරි ජීවිත ගත කරන විට පොදුජනතාව එදිනෙදා වේල් 3 පිරිමහා ගැනීමටවත් නොහැකිව සිටින බව ද ඔහු සඳහන් කළේය.

ජනතාවට සාපයක් වූ ජන දුක හදුනන්නේ නැති වත්මන් රජය වෙනස් වීමේ වසර 2024 වසර බව කී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මෙරට අධ්‍යාපන පද්ධතිය උසස් වෙනස් මානයකට ගෙනවිත් දූදරුවන් දැනුමෙන් හැකියාවෙන් නිපුණතාවෙන් ශක්තිමත් කිරිම තුළ ජයග්‍රාහී දේශයක් බිහි කරන බව අවධාරණය කළේය.
 

 


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්