ලංකාව ඉන්දියාවේ කොටසක් බවට ඇමැති හරින් ප්‍රනාන්දු කරන ලද ප්‍රකාශය රාජද්‍රෝහි ක්‍රියාවක් බැවින්

එය මරණ දඬුවම ලැබිය යුතු වරදක් බව විපක්ෂය නියොජනය කරන නිතිඥ මන්ත්‍රීවරයකු ප්‍රකාශ කර තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ උදය ගම්මන්පිල කොළඹ පැවති මාධ්‍ය හමුවක දී කියා සිටියේ එය සෘජුවම ශ්‍රී ලංකාවේ ස්වෛරීත්වය ස්වාධීනත්වය උල්ලංඝණය කිරීමක් බවයි.

දණ්ඩ නීති සංග්‍රහයේ රාජද්‍රෝහිත්වයට නියම කරලා තිබෙන දඬුවම මරණ දඬුවම බවද මන්ත්‍රීවරයා සිහිපත් කළේය.

“රාජද්‍රෝහි කියන්නේ සිය රාජ්‍යයට ද්‍රෝහිවීම මිස රජතුමෙකුට ද්‍රෝහිවීම නොවේ.  අපේ දණ්ඩ නීති සංග්‍රහයේ රාජද්‍රෝහිත්වයට නියම කරලා තිබෙන දඬුවම මරණ දඬුවම. සරලව කිව්වොත් හරින් ප්‍රනාන්දු ඇමතිවරයා කරලා තිබෙන්නේ මරණ දඬුවම ලබා දිය හැකි වරදක්.”

මෙම ප්‍රකාශය ඇමැතිවරයෙකු ලෙස පත්වීම ලබා ගැනීමට පෙර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ලබා දුන්නු දිවුරුම උල්ලංඝණය කිරිමක් බව ද පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ උදය ගම්මන්පිල තවදුරටත් පෙන්වා දුන්නේය.

“මේ ප්‍රකාශය එක පැත්තකින් ඇමතිවරයෙකු ලෙස පත්වීම ලබා ගැනීමට පෙර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ලබා දුන්නු දිවුරුම උල්ලංඝණය කිරීමක්.  ඒ අනුව හරින් ඇමතිතුමා තවදුරටත් ඇමති ධූරය දැරීමට නුසුදුස්සෙකු වෙනවා.”


"ශ්‍රී ලංකාව ඉන්දියාවේ ම කොටසක්"

ඉන්දියාවේ මුම්බායි නගරයේදී පැවති ව්‍යාපාරික හා ව්‍යවසායක හමුවකදී කැබිනට් අමාත්‍යවරයෙකු වන හරින් ප්‍රනාන්දු "ශ්‍රී ලංකාව ඉන්දියාවේ ම කොටසක්" බව හැඟවෙන ප්‍රකාශයක් කර තිබුනි.

එහි දළ සිංහල අදහස බීබීසි සිංහල සේවය සිංහලට පරිවර්තනය කර තිබුනේ මෙසේය.


"තෙල් ටැංකි ගත්තේ ඉන්දීය සමාගම්වලින්. අපේ සූර්ය බල ශක්ති සපයන්නේත් ඉන්දීය සමාගම්. මම හිතන්නේ, ඒ නිසා තමයි ඉන්දීය විදේශ කටයුතු ලේකම්වරයා සඳහන් කළේ, ඔබ කොහේ හරි සංචාරය කරනවා නම්, ශ්‍රී ලංකාවේ සංචාරය කරන්න කියලා, මොක ද, ශ්‍රී ලංකාව ඉන්දියාවේ කොටසක් ඇත්තට ම."

 

 
සබැඳි ලිපි :

හරින් සහ විමල් - (එරන්ද ගිනිගේ)

හරින්ට වඩා රැඩිකල් නීල් වර්ණකුලසූරිය - (ආචාර්ය මහේෂ් හපුගොඩ)

ලංකාව ඉන්දියාවේ කොටසක් ද? :'හරින් ඇමතිකමෙන් නෙරපිය යුතුයි'

 

 


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්