ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර සමුද්‍රීය මගී ප්‍රවාහන ප්‍රවර්ධනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.

ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර සමුද්‍රීය මගී ප්‍රවාහන ප්‍රවර්ධනය කිරීම මගින් දෙරටේ සංචාරකයින්ට ප්‍රවේශ වීමේ හැකියාව වැඩි වශයෙන් ලබා දෙමින් සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම, සංස්කෘතික හුවමාරුව, අධ්‍යාපන, ආගමික, සංස්කෘතික ක්‍රියාකාරකම්, කලාව, ක්‍රීඩා යනාදී ක්ෂේත්‍ර වල සහයෝගීතාව දිරිමත් කිරීමට හැකියාව පවතින බව හඳුනාගෙන ඇතැයි රජය පවසයි.

ඒ සඳහා අඩු පිරිවැය සහිත සංචාරක හා ප්‍රවාහන ගාස්තු ක්‍රමවේදයක් හඳුන්වා දීම අත්‍යවශ්‍ය වන අතර ඒ අනුව මගී ප්‍රවාහන යාත්‍රා හා මගී නෞකා මගින් ශ්‍රී ලංකාවෙන් පිටව යන මගීන්ගෙන් දැනට අය කරනු ලබන අපගමන බදු පිළිවෙලින් ඇමරිකා ඩොලර් පහක් සහ ඇමරිකා ඩොලර්  විස්සක් දක්වා අඩු කිරීමටත් මගී යාත්‍රා මගින් ගමන් කරන මගියෙකුට කිලෝග්‍රෑම් 60ක් දක්වා නිදහස් ගමන් මළු දීමනාවක් ප්‍රදානය කිරීමටත් වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබේ.

(lankadeepa.lk -අංජුල මහික වීරරත්න)


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්