අද (21) උදෑසන 7.15ට පමණ මහබාගේ පොලිස් වසමේ ඇලපිටිවල හංදිය ආසන්නයේ දී යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් වෙඩිතැබීමක් සිදුකර තිබේ.


එම අවස්ථාවේ දී වෙඩිවැදීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලීසිය පවසයි.

එලෙස මියගොස් ඇත්තේ හෙට්ටිආරච්චිගේ දොන් සුජිත් නැමති අයෙකි.

ඔහු වැල්ලේ සාරංග නැමති සංවිධානාත්මක අපරාධකරුගේ ඥාතියෙකු වන බවට තොරතුරු අනාවරණය වී තිබේ.

යුක්තිය මෙහෙයුම අතරේ සිදුවන පාතාල මිනී මරා ගැනීම් බහුල වී ඇති අතර පෙරේදා රාත්‍රියේ බොරැල්ල ආනන්ද රාජකරුණා මාවතේ මහල් නිවාසයක සිදුකළ වෙඩි තැබීමකින් පාතාලයේ ප්‍රබල ක්‍රියාකාරිකයෙක් බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කරනු ලැබීය.


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image