හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත ගේ මරණය සම්බන්ධයෙන් පූර්ණ පරීක්ෂණයක් පවත්වන ලෙස හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ඉල්ලිමක්

කර තිබේ.

එම මරණය රිය අනතුරකින් සිදුවූවක් ද නැතහොත් මිනීමැරුමක් නිසා සිදුවූවක් ද යන්න අද දක්වා අපැහැදිලි බව හිටපු අමාත්‍යවරයා අද(22) පාර්ලිමේන්තුවේ දී කියා සිටියේය.

හිටපු රාජ්‍ය අමාත්‍යවරයාගේ බිරිඳ විසින් ද මරණය සම්බනිධයෙන් සැක මතු කර ඇති බවත්, පරීක්ෂණයක් ඉල්ලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) පැමිණිල්ලක් ගොනු කර ඇති බවත් ඔහු සඳහන් කළේය.

එම පැමිණිල්ල සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කඩිනම් පරීක්ෂණයක් පවත්වන බවට සහතික වන ලෙස මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු පාර්ලිමේන්තුවෙන් ඉල්ලා සිටියේය.

එය මිනීමැරුමක් බව ඔප්පු වුවහොත් එම මරණය පිටුපස සිටින අය සොයාගෙන ඔවුන් නීතිය හමුවට පමුණුවා අවශ්‍ය දඩුවම් ලබාදීමට පියවර ගත යුතු බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

2024 ජනවාරි 25 වන දින කටුනායක අධිවේගී මාර්ගයේ සිදුවු රිය අනතුරකින් හිටපු රාජ්‍ය අමාත්‍ය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත මරණයට පත් විය.



 
(චතුරංග මේදිස්)

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්