ව්‍යවස්ථානුකූලව නොගොස් ඡන්ද කල්දැමිම වැරදි ක්‍රියාවක් බවත් ව්‍යවස්ථාවෙන් විධායකයට මැතිවරණ කල්දැමිමට බලයක් ලබා දී නොමැති

බවත් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා ප්‍රකාශ කරයි.

“ව්‍යවස්ථානුකූලව මේ රටේ මැතිවරණයක් පැවැත්විය යුතුයි. ව්‍යවස්ථානුකූලව ඉදිරියේ දී පැවැත්වෙන්නේ ජනාධිපතිවරණයයි. එම නිසා ඕනෑම දේශපාලන පක්ෂයක වගකීම තමයි ව්‍යවස්ථානුකූලව පැවැත්වෙන මැතිවරණයට සූදානම් වීම.”

ව්‍යවස්ථාවෙන් මැතිවරණ කොමිසමට ජනාධිපතිවරණය නියමිත දිනට පැවැත්වීමට බලය ලැබී ඇති බැවින් කවුරු කෙසේ මාධ්‍ය හරහා මොන යෝජනා කලත් කලබල විය යුතු නැති බවයි ඔහු පවසන්නේ.

“අපි මේ රටේ වර්තමාන ජනාධිපතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා පත් කලෙත් ව්‍යවස්ථානුකූලවයි. අපි හැමදාම ව්‍යවස්ථාව ආරක්ෂා කරපු දේශපාලන බලවේගයක්. අපි ඉදිරියේදීත් ව්‍යවස්ථාව ආරක්ෂා කිරීමට බැදී සිටිනවා.” යැයි කැලණි විහාරය වැදපුදා ගැනීමට පැමිණි අවස්ථාවේදී මන්ත්‍රීවරයා කියා සිටියේය.

අවුරුදු 45 ක් ට වැඩි කාලයක් දේශපාලනයේ නිරත රනිල් වික්‍රමසිංහට තිබෙන ලොකුම ආශිර්වාදය ප්‍රජාතන්ත්‍රවාදය බව කී නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා, ප්‍රජාතන්ත්‍රවාදය උල්ලංඝණය කරනවා යැයි ඔහු තම පියාට පවා චෝදනා කළ බව වැඩිදුරටත් සඳහන් කළේය.

 

 
(චතුරංග මේදිස්)

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්