පොලිස්පති තනතුර සඳහා වත්මන් වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පත් කිරීම

තමාගේ කැමැත්ත යැයි මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් පැවැසීය.

ලබන 26 වැනිදායින් අවසන් වීමට නියමිත වැඩ බලන පොලිස්පතිවරයාගේ ධුර කාලය සහ ස්ථිර පොලිස්පතිවරයකු පත් කිරීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මේ බව සඳහන් කළේ, ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ ඊයේ (21 වැනිදා) පැවති මාධ්‍ය හමුවට එක්වෙමිනි.

'' මට නම් ඕනෑ පොලිස්පති තනතුරට දේශබන්දු තෙන්නකෝන් පත්වෙනවා දකින්න. ඒකෙ ගැටලුවක් නැහැ. රජය පැත්තෙන් ප්‍රශ්නයක් නැහැ. හැබැයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව තියනවා. එයාලා වැඩ කරන විදිහ වෙනස්. ඒ සියලු දෙනා මේ රටේ මේ දැන් කරගෙන යන වැඩපිළිවෙළ කරන්න ඉඩ දෙනවානම් දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ලෙස පත්කළ යුතුයි. නැතිනම් වෙස් මුහුණක් දාන්න ඕනෑ'' යැයිද ඇමැතිවරයා කීවේය. 


ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් වැඩ බලන පොලිස්පතිවරයා වශයෙන් පත්කරනු ලැබුවේ පසුගිය වසරේ නොවැම්බර් 29 දාය.  

ඒ, වසර 150කට අධික දිර්ඝ ඉතිහාසයකට හිමිකම් කියන පොලිස් දෙපාර්තමේන්තුවේ මුල් පුටුව සඳහා සුදුස්සෙකු පත් කිරීමට නොහැකිව මාස 8 කට අධික කාලයක් ගතවූ පසුබිම තුළය.

නොවැම්බර් 24 වෙනිදා ධුරයෙන් විශ්‍රාම ගිය පොලිස්පති සි.ඩි.වික්‍රමරත්න හට අවස්ථා 4 කදී සේවා දිගු ලබා දීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ කටයුතු කළේය.

කෙසේවුවද, වැඩ බලන පොලිස්පති ධුරය සඳහා පත්කර සිටින දේශබන්දු තෙන්නකෝන්ගේ පත්වීම බල ශූන්‍ය කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා කාදිනල් හිමිපාණන් විසින් 2023 දෙසැම්බර් 29 වැනිදා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකර ඇත.


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්