ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (පොහොට්ටුව) ආණ්ඩුවේ කොටස්කාරයො වුවද, තම පක්ෂයේ ඉල්ලීම් වලට

නිසි සැලකිල්ලක් නොලැබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. චන්ද්‍රසේන අද (22) පැවසීය.

 ඒ නිසා මාධ්‍ය හරහා හෝ අදාල කාරණා තේරුම් කර දීමට සිදුව ඇතැයි ඔහු කියා සිටියි.

එස්.එම්.චන්ද්‍රසේන මන්ත්‍රීවරයා එබව කියා සිටියේ, බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ අද (22) පැවති මාධ්‍ය හමුවේදීය.

තමා ගොවිජන සේවා හා කෘෂිකාර්මික කටයුතු පිළිබඳව ඇමතිවරයා ලෙස කටයුතු කළ කාලයේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා පොහොර සහනාධාරය දුන් බව ද ඔහු කීය.

කුඨ වෙළෙන්දෝ වී අස්වැන්න නෙළන අවස්ථාවේදී ඉතාම අඩු මිලකට මිලදී ගැනීමට සූදානම් වන බැවින් රජය හැකි ඉක්මණින් වී මිලදීගැනීමට මැදිහත්විය යුතු බව චන්ද්‍රසේන මන්ත්‍රීවරයා පැවසීය. 


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්