ශ්‍රී ලංකා යුද හමුදාවේ 54 වැනි මාණ්ඩලික ප්‍රධානියා ලෙස කටයුතු කළ විශ්‍රාමික මේජර් ජෙනරාල් සත්‍යප්‍රිය ලියනගේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හමු වී සමගි ජන බලවේගයට සහයෝගය පළ කිරීම සඳහා එක්විය.


දශක තුනක උතුරුකරයේ යුධ මෙහෙයුම් වලදී විශාල කාර්යභාරයක් ඉටුකළ ඔහු, යුද හමුදා මාණ්ඩලික ප්‍රධානීවරයා ලෙස කටයුතු කිරීමට පෙර යුද හමුදා ස්වේච්ඡා බල සේනාවේ සේනාවිධායකවරයා ලෙස සහ බටහිර ආරක්ෂක සේනා මූලස්ථානයේ ආඥාපතිවරයා ඇතුළු ප්‍රධාන තනතුරු රැසක කටයුතු කර ඇති බව සජබ මාධ්‍ය අංශය නිවේදනය කර සිටියි.

සමගි ජන බලවේගයට එක් වූ විශ්‍රාමික මේජර් ජෙනරාල් සත්‍යප්‍රිය ලියනගේ ටද විපක්ෂනායකයා විසින් විශේෂ පත්වීමක් ලබාදී ඇත.  ඒ  අනුව,‘දූෂණ විරෝධී ප්‍රතිපත්ති සහ ක්‍රියාත්මක කිරීමේ ඒකකයේ ප්‍රධානියා’ ලෙස සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ගේ දූෂණ විරෝධී ගමනේ උපදේශකවරයකු ලෙස ඔහුව පත්කර තිබේ.

සජබ සභාපති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මේවනවිට පක්ෂය සහ පක්ෂයේ නායකත්වය අධිකරණය හමුවට ගෙන ගොස් ඇති තත්වයක් තුල තවතවත් විශ්‍රාමික හමුදා ප්‍රධානින් සජබට එකකට ගැනීමට විපක්ෂනායකයා කටයුතු කරමින් සිටියි. මිට ඉහතදී බොනිෆස් පෙරේරා, දයා රත්නායක , දයා සඳගිරි , වැනි හමුදා සේවයේ සිටි ප්‍රධානින් කිහිපදෙනෙකුම සජබට එක්කර ගැනීමට විපක්ෂ නායකයා විසින් කටයුතු කර තිබිණ. 

විශ්‍රාමික මේජර් ජෙනරාල් සත්‍යප්‍රිය ලියනගේ සහ විපක්ෂ නායකයා අතර සම්බන්ධීකරණයක් ගොඩනැගීමට මැදිහත්ව ඇත්තේ විපක්ෂ නායකවරයාගේ කාර්ය මණ්ඩල ප්‍රධානි ලක්ෂ්මන් ෆොන්සේකා බව එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.

 

sh ge


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image