අයි.එම්.එෆ්. නිර්දේශ අනුව මහ බැංකුව ආණ්ඩුවට හෝ පාර්ලිමේන්තුවට වග නොකියන ආයතනයක් බවට පත් කළේ වත්මන් ආණ්ඩුව වන

හෙයින් මහ බැංකුව විසින් ගන්නා තීන්දු තීරණවලට මුළුමනින්ම වගකිවයුත්තේ ඔවුන් බව ජ.වි.පෙ මධ්‍යම කාරක සභික බිමල් රත්නායක පෙන්වා දෙයි. 

‘‘මේ වන විට මහ බැංකුව ජනතාවගෙන් පත්වන ආණ්ඩුවට වග නොකියන තත්වයක් තුළ මහ බැංකුවේ සිදුවන ක්‍රියාවලිය සම්බන්ධයෙන් මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ වගකියන්න ඕන නැහැ. මොකද මේ වෙද්දී ලංකාවේ මහ බැංකුව වගකියන්නේ ලෝකෙ ඉන්න බැංකු කාරයන්ට. ඒ තත්ත්වය ඇති කළේ කවුද කියන එක රහසක් නෙමෙයිනෙ.

මේ තත්ත්වය තුළ ඉදිරියේදී මහජන ඡන්දයෙන් පත්වන ආණ්ඩු වට්ටන්න වුණත් මහ බැංකුවට පුළුවන්.” යනුවෙන්ද ඔහු පැවසීය.

මහ බැංකු ලොක්කෝ මැති සබයට කැඳවති

70%කින් වැටුප් වැඩි කරගැනීම සම්බන්ධයෙන් මහ බැංකු මුදල් මණ්ඩලය කැඳවා ප්‍රශ්න කිරීමට ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව තීරණය කර තිබේ.

පාර්ලිමේන්තුවේ අනුමැතියකින් තොරව වැටුප් වැඩි කරගැනීමට අදාළව මහ බැංකු පනත් කෙටුම්පතේ පැවති වගන්තිය එය සම්මත කරන අවස්ථාවේ ඉවත් කර තිබෙන හෙයින් වැටුප් වැඩි කිරීමට පෙර මහ බැංකුව පාර්ලිමේන්තුවේ අනුමැතිය ගත යුතු බව එම කාරක සභාවේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රි ගාමිණී වලේබොඩ පැවසීය. 

ඒ අනුව මෙම වැටුප් වැඩි කරගැනීම නීතිවිරෝධී යැයිද සභාපතිවරයා කීවේය.

වැටුප් වැඩි කරගැනීම සම්බන්ධයෙන් මුදල් මණ්ඩලය කාරක සභාවකට කැඳවා ප්‍රශ්න කරන ලෙස විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ලද පාර්ලිමේන්තුවේදී ඉල්ලා සිටියේය.

එම ඉල්ලීමට ප්‍රතිචාර දැක්වූ මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය සඳහන් කළේ පාර්ලිමේන්තුවට පවතින අයිතිය අනුව කටයුතු කිරීම ගැටලුවක් නොවන බවයි.


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්