The Leader News
BREAKING
හෝමාගම පොලිසියේ මරණය ඇසින් දුටු සාක්ෂිකරුගේ ජීවිතාරක්ෂාව පතා අම්මාගෙන් ආයාචනයක්●ශ්‍රීලන්කන් යානා 6ක් අක්‍රියයි: නරීටා ගමනත් හදිසියේ ඇණහිටියි●නීතිඥ ලාල් විජේනායක දිවි සැරිය නිම කරයි●ඇමෙරිකානු ඔරලෝසු වේලාව වෙනස් කිරීමේ ට්‍රම්ප්ගේ සැලසුම සෙනෙට් සභාවේදී ඇණහිටියි●වසර 26ක සම්ප්‍රදාය බිඳහෙළූ සොබාදහමේ අමුතු ජයග්‍රහණය●අවම අයවැය හිඟය සහ ඉදිරි පරිවර්තනය: ජනපතිගෙන් ආර්ථික මාර්ග සිතියමක්●නොරොච්චෝලේ බිඳවැටීම: මුළු රටම අඳුරට ඇද දැමූ තත්පර 4●වීදි සුනඛ අර්බුදයට හෝමාගමෙන් ඩිජිටල් තාක්ෂණික විසඳුමක්●B.O.A.T. සටනින් මෙසී පරදා රොනාල්ඩෝ පෙරමුණට●දිස්ත්‍රික්ක රැසකට දැනෙන උණුසුම ඉහළ යාමේ අවදානමක්●
Top Ad
පුවත්

හොරට ගෙනා තවත් බෙහෙතක් ගැන පරික්ෂණ යට ගහලා

T

The Leader Desk

February 26, 2024 • 11:29 AM

හොරට ගෙනා තවත් බෙහෙතක් ගැන පරික්ෂණ යට ගහලා

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සහතික දෙකක් පිළිබඳව ඖෂධ අධිකාරීයට වාර්ථා වී ඇතත්, ඒ පිළිබඳව විමර්ෂණ ඉතා සූක්ෂමව අයුරින් යට ගැසීම හේතුවෙන් ව්‍යාජ සහතික හරහා සිදුවූ ඖෂධ ජාවාරම, ඖෂධ අධිකාරියේ දැණුවත් මෙහෙයුමක් මත සිදු වන්නක් බව පෙනෙන්නට ඇති බවට පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලය චෝදනා කරයි.
  • ව්‍යාජ සහතික හරහා ගෙන්වා ඇති ප්‍රෙඩ්නිසිලෝන් ඖෂධය පිළිබඳව පුර්ණ පරීක්ෂණයක් සිදු කරන ලෙසත්, ඉමියුනෝග්ලොබියුලින් සඳහා ඉදිරිපත් කර තිබූ ව්‍යාජ සහතික පිළිබඳ අනාවරණය නොවූ රහස් එමගින් හෙලිදරව් කර ගන්නා ලෙසත්, සිය පැමිණිල්ලෙන් ඉල්ලා සිටි බවයි රවී කුමුදේශ් වැඩිදුරටත් පවසන්නේ.
  • ප්‍රෙඩ්නිසිලෝන් (මුඛ ද්‍රාවණය) ඖෂධය අසාත්මිකතා, ඇදුම, ස්වයං ප්‍රතිශක්තිකරණ ආබාධ සහ ඇතැම් සමේ රෝග වැනි විවිධ තත්වයන්ට ප්‍රතිකාර කිරීම සඳහා බොහෝ විට නියම කරනු ලැබේ.
අකුරු ප්‍රමාණය (Font Size):

සහතික දෙකක් පිළිබඳව ඖෂධ අධිකාරීයට වාර්ථා වී ඇතත්, ඒ පිළිබඳව විමර්ෂණ ඉතා සූක්ෂමව අයුරින් යට ගැසීම හේතුවෙන් ව්‍යාජ සහතික හරහා සිදුවූ ඖෂධ ජාවාරම, ඖෂධ අධිකාරියේ දැණුවත් මෙහෙයුමක් මත සිදු වන්නක් බව පෙනෙන්නට ඇති බවට පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලය චෝදනා කරයි.

එහි සභාපති රවී කුමුදේශ් පවසන්නේ 2023 සැප්තැම්බරයේදී ඉමියුනෝග්ලොබියුලින් පිළිබඳ ව්‍යාජ WOR සහතිකය හෙලිදරව් වීමත් සමග, ප්‍රථම වතාවට එවන් තත්වයක් ඇතිවූවා සේ හඟවමින් ඖෂධ අධිකාරිය වරදින් ගැලවීමට උත්සාහ දරමින් සිටියද, ඊට පෙර එම වසරේ ජනවාරි මාසය තුල හමුවූ ව්‍යාජ සහතික හරහා සිදු වූ ජාවාරම යට ගැසීම හරහා ඖෂධ නියාමන අධිකාරිය හොර සහතික පිළිබඳව විධිමත් මැදිහත් වීමක් නොකරමින් දීර්ග කාලයක් තිස්සේ එම තත්වයට ඉඩ හැර තිබීම පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කළ බවයි.

ව්‍යාජ සහතික හරහා ගෙන්වා ඇති ප්‍රෙඩ්නිසිලෝන් ඖෂධය පිළිබඳව පුර්ණ පරීක්ෂණයක් සිදු කරන ලෙසත්, ඉමියුනෝග්ලොබියුලින් සඳහා ඉදිරිපත් කර තිබූ ව්‍යාජ සහතික පිළිබඳ අනාවරණය නොවූ රහස් එමගින් හෙලිදරව් කර ගන්නා ලෙසත්, සිය පැමිණිල්ලෙන් ඉල්ලා සිටි බවයි රවී කුමුදේශ් වැඩිදුරටත් පවසන්නේ.

ප්‍රෙඩ්නිසිලෝන් (මුඛ ද්‍රාවණය) ඖෂධය අසාත්මිකතා, ඇදුම, ස්වයං ප්‍රතිශක්තිකරණ ආබාධ සහ ඇතැම් සමේ රෝග වැනි විවිධ තත්වයන්ට ප්‍රතිකාර කිරීම සඳහා බොහෝ විට නියම කරනු ලැබේ. එය ශරීරයේ දැවිල්ල, ඉදිමීම සහ අසාත්මිකතා අඩු කිරීමට උපකාරී වන කෝටිකොස්ටෙරොයිඩයක් වේ.

WhatsApp Image 2024 02 26 at 3.22.37 PMWhatsApp Image 2024 02 26 at 3.22.38 PM 


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...