විමල් විරවංශ නායකත්වය දරන ජාතික නිදහස් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න

ඉල්ලා අස්වීම නිසා පුරප්පාඩු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සඳහා එස්. සී. මුතුකුමාරණ පත් කිරීමට නියමිතව තිබේ.

මේවනවිට විදේශගතව සිටින අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න, සිය ආරක්ෂක නිලධාරීන් මගින් කතානායකවරයා වෙත ලිපියක් යොමුකරමින් අද (27) සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්විය.

ඔහුගේ ඉල්ලා අස්වීම හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් පුරප්පාඩු වී ඇති බව පාර්ලිමේන්තු මහලේකම් නීතීඥ කුෂානි රෝහණධීර විසින් මැතිවරණ කොමිෂන් සභාවට මේවනවිට දැනුම් දී ඇත.

1981 අංක එක දරණ පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 64(1) වගන්තිය ප්‍රකාරව පාර්ලිමේන්තු මහලේකම්වරිය විසින් අදාළ දැනුම්දීම සිදුකර තිබුණාය.

ඒ අනුව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උද්ධික ප්‍රේමරත්න ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වී ඇති අනුරාධපුර දිස්ත්‍රීක් මන්ත්‍රී ධුරය සඳහා, එස්. සි. මුතුකුමාරණ පාර්ලිමේන්තුවට පත්වීමට නියමිතය.

එස්. සි. මුතුකුමාරණ පසුගිය මහ මැතිවරණයට පොහොට්ටු පක්ෂයෙන් ඉදිරිපත්ව පරාජිත ලැයිස්තුවේ පළමුවෙනියා විය. ඔහු ලබාගෙන තිබු මනාප සංඛ්‍යාව 39895කි.

එස්.සී. මුතුකුමාරණ මෙයට පෙර 2010 වසරේ සිට 2020 දක්වාද අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කර තිබේ.

මැතිවරණ කොමිෂන් සභාව අනුමත කිරීමෙන් පසු එස්. සි. මුතුකුමාරණ ගේ නම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් ගැසට් කිරීමට කටයුතු කෙරෙයි. 

  


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්