පනත් කෙටුම්පතක් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවක් ලබාදීමෙන් පසු පාර්ලිමේන්තුවේ කාරක සභා

අවස්ථාවේදී එය නොසළකා, අවශ්‍ය දෙයක් සම්මත කිරීම භයානක පූර්වාදර්ශයක් බව එක්සත් ජනරජ පෙරමුණ පවසයි.

පනත් කෙටුම්පත සම්බන්ධ ශ්‍රේෂ්ඨාධිකරණ අර්ථකථනයට පාර්ලිමේන්තුව සුබවාදී ප්‍රතිචාර දැක්විය යුතු බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පෙන්වා දෙන්නේ.

එසේ නොමැතිව අවශ්‍ය දේ සම්මත කිරීමට උත්සාහ කිරීමෙන් අධිකරණ ක්‍රියාදාමයට ද අභියෝග එල්ල වන බව ඔහු අවධාරණය කරයි.

එවැනි අවස්ථාවකදී ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දෙන මග පෙන්වීම් සහ නිගමන ඵල රහිත බව මෙන්ම පාර්ලිමේන්තු කාරක සභා අවස්ථාවකදී එවැනි පූර්වාදර්ශයක් සැපයීම අතිශය භයානක බව මන්ත්‍රීවරයා පවසයි.

''කතානායකට එරෙහි විශ්වාසභංගය සාධාරණයි''

එබැවින් කතානායකට එරෙහි විශ්වාස භංගය සාධාරණ බව මෙන්ම ඊට එකඟ විය හැකි ප්‍රතිපත්තිමය කරුණු පවතින බවයි මන්ත්‍රී පාඨලී චම්පික රණවක පවසන්නේ.

එහෙත්  විශ්වාසභංගය සම්බන්ධයෙන් මෙතෙක් කිසිවෙකු සාකච්ඡා කර නැති බව ද ඔහු කියා සිටියේය.

කෙසේ වෙතත් මාර්ග ගත පනත වෙනස් කිරීමට රජයේ අවධානය යොමුව ඇතැයි වාර්තා වන බව කී චම්පික රණවක මන්ත්‍රීවරයා, ජාත්‍යන්තර වශයෙන් එල්ල වී ඇති පීඩනය ඊට හේතු වී ඇති බව වැඩිදුරටත් කියා සිටියේය.

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්