අද වන විට පාර්ලිමේන්තුවේ බහුතරයක් දූෂිතයෝ රකිමින් හොරකම, අල්ලස හා වංචාව ආරක්ෂා කරන බවට විපක්ෂ නායකවරයා චෝදනා කර තිබේ.

රට තුළ ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වන ප්‍රධාන කුළුණු 3 වන විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණය පැවතියත් නාමිකව පමණක් ප්‍රජාතන්ත්‍රවාදයක් ක්‍රියාත්මක වන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හම්බන්තොට තිස්සමහාරාම දෙබරවැව ජනාධිපති විද්‍යාලයට රුපියල් ලක්ෂ 10ක් වටිනා සක්වල සුහුරු පන්ති කාමරයක් ලබා දීමේ අවස්ථාවට එක්වෙමින් කියා සිටියේය.

මීට මාස කිහිපයකට පෙර බාල බෙහෙත් ජාවාරම්කාර ක්‍රියාදාමය ගැන සත්‍ය තොරතුරු අනාවරණය වූ පසු හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ලට විරුද්ධව සමගි ජන බලවේගය විශ්වාසභංගයක් ගෙන ආ අවස්ථාවේ ඔහුව ආරක්ෂා කරන්න ආණ්ඩුවේ 113ක් අත ඉස්සූ බවත් රට පාලනය කරන ජනාධිපති ඔහුව රකින්න කටයුතු කළ බව ද ඔහු සඳහන් කළේය.

සමගි ජන බලවේගය ගෙන ආ විශ්වාසභංග යෝජනාවේ වැදගත්කම පෙනී යන බවත් අධිකරණය විසින් පෝලිමට හොරු අල්ලා ඔවුන්ට විරුද්ධව නඩු ක්‍රියාත්මක කරමින් මේ දුෂිත වංචනික ක්‍රියාවලට වගකිවයුතු අය දැන් හෙළිදරව් වුවත් පාර්ලිමේන්තුවේ මේ හොරුන් ආරක්ෂා කිරිමට බහුතරයක් පෙරට ආ බවයි විපක්ෂ නායකවරයා පවසන්නේ.

ඩොලර් බිලියන 90ක් ණයකාරයෝ

ප්‍රතිලාභ නොබලන, රටට ඵලදායී නොවන ව්‍යාපෘති වෙනුවෙන් මහා අධික ණය ලබා ගැනීම හා දූෂණය වංචාව හොරකම මහා පරිමාණයෙන් ක්‍රියාත්මක වීම නිසා රට ඩොලර් බිලියන 90ක් ණයකාරයෝ වී ඇති බවද හෙතෙම පැවසීය.

වැඩිපුර වැට් බදු, ආදායම් බදු ගෙවීමට හේතු වී ඇත්තේ එක පවුලක් රටේ සම්පත් හොරා කා රටේ සම්පත් විනාශ කර තමන්ට රිසිසේ ගනුදෙනු ක්‍රියාත්මක කිරිම බවටයි විපක්ෂ නායකවරයා චෝදනා කරන්නේ.

සමගි ජන බලවේග රජයක් යටතේ රට විනාශ කළ පුද්ගලයන් විනිවිදභාවයෙන් යුක්තව අධිකරණය හමුවට ගෙනවිත් ඔවුන්ට දඩුවම් ලබා දී එම සම්පත් නැවත රටට ගෙන එන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස වැඩිදුරටත් කියා සිටියේය.

(චතුරංග මේදිස්)



worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්