වාමවාදී දේශපාලන බලවේගවලට සහ දක්ෂිණාංශික දේශපාලන බලවේග නියෝජනය කරන කිසිදු බලවේගයකට

එළඹෙන මැතිවරණයකදී බලය ලබා ගත නොහැකි බව තමා වගකීමෙන් ප්‍රකාශ කරන බව ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ සභාපති හිටපු අමාත්‍ය ඩිව් ගුණසේකර පැවසීය.

දේශපාලනය තුළ මැද මාවතේ පිරිස් බලය මේ වන විට බලවත් ලෙස ගොඩනැගී ඇති අතර එම පිරිස නොමැතිව කිසි ම පාර්ශ්වයකට ආණ්ඩු බලය පිහිටුවීමට නොහැකි යැයි ද ගුණසේකර හිටපු අමාත්‍යවරයා කීය.

රටේ වත්මන් අර්බුද විසඳීමට වමේ එකමුතුකම අත්‍යවශ්‍ය යැයි ද එම නිසා වාමවාදී කණ්ඩායම් එකට එකතු විය යුතු සුදුසු ම කාලය මෙය යැයි ද ඩිව් ගුණසේකර පැවසීය.

ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය මේ වන විට සංවිධාන කටයුතු පුළුල් කර ඇති අතර පක්ෂයට නව සංවිධායකයන් පත්කිරීම මේ වන විට සිදුකරගෙන යන බව ද පක්ෂ සභාපති ඩිව් ගුණසේකර වැඩිදුරටත් කියා සිටියේය.

(mawbima.lk)

 


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්