ඇමෙරිකාවේ සිටින බැසිල් රාජපක්ෂ මාර්තු 05 වැනිදා ලංකාවට ඒමට නියමිත අතර මව්බිම ජනතා පක්ෂයේ නායකයා ඔහුගේ පැමිණිම දැඩි ලෙස

විවේචනයට ලක් කර තිබේ.

ගෝඨාභය රාජපක්ෂ බලයට ගෙන ඒමට මහත් වෙසෙක් දැරූ දිලිත් ජයවීර, බැසිල් රාජපක්ෂව හඳුන්වනු ලැබුවේ "ලංකා දේශපාලනයේ ඉතාම අවාසනාවන්තම සලකුණක්” ලෙසයි.

"දේශපාලනයේ ඉතාම අවාසනාවන්තම සලකුණක් වන බැසිල් රාජපක්ෂ නිවාඩුවට නැවත ශ්‍රී ලංකාවට එනවා කියලා ආරංචියක් තියෙනවා. ඔහු එනකොට රැලක් ඔහු පස්සෙන් එන්න නියමිතයි පෙරහැරකින්. මේ රටට නිවාඩුවට ඇවිල්ලා අහිංසක මිනිස්සු රවටලා යන එක නෙවේ කල යුත්තේ. ඔවුන් විසින් මේ රටට කරපු විනාශය කවදාවත් ගෙවලා නිම කරන්න බැරි පවක්." යැයි මාර්තු 03 වැනිදා පැවති මව්බිම ජනතා පක්ෂයේ කෑගල්ල දිස්ත්‍රික් සමුලුව අමතමින් දිලිත් ජයවීර කියා සිටියේය.

මව්බිම ජනතා පක්ෂයේ නායක දිලිත් ජයවීර එම සමුළුව අමතමින් කරන ලද කතාව පහතින්.

''දේශපාලනය එන්න එන්නම ගද ගහන වැසිකිලියක් වෙලා''


"මේ පැවතුනු දේශපාලනය එන්න එන්නම ගද ගහන වැසිකිලියක් බවට පත් වෙලා තියෙනවා. අපි එතකොට මේ වැසිකිලිය ඇතුලට යන්නේ නැහැ. අපි නාහය වහගෙන කැළයට යනවා. මේ ගද ඉවසන්න පුළුවන් අය පමණක් ඒ වැසිකිලිය අස්සේ කිසිම පිරිසිදුකමක් නැතුව තමන්ගේ ඒ කර්තව්‍ය කරනවා. ඒ නිසා මේ වැසිකිලිය ඇතුලට ගිහින් වතුර ගහලා මේක සුද්ද පවිත්‍ර කරලා අපි සියලු දෙනාටම යන්න පුලුවන් හොද වැසිකිලියක් හදා ගන්න ඕන" යැයිද  පැවසු ඔහු වැඩිදුරටත් මෙසේද කීය.

"අපි මේ අභියෝගය භාර ගන්නේ මේ රටට වෙන කිසිම විකල්පයක් නැති තත්ත්වයක් තුළ. මේ පවතින ක්‍රමය තුලම වසර ගණනක් ඉදලා ඒ කරපු දේශපාලනය තුළ හෙට ඇවිත් අලුත් දෙයක් කිව්වොත් ඔබේ ජීවිතය වෙනස් වෙන්නේ කොහොමද? එකිනෙකාට අවලාද නගා කතා කරනවා හැරෙන්නට තාර්කික විද්‍යාත්මක වැඩපිළිවෙලක් අපි හැර කවුරුත් කතා කරන්නේ නැහැ. ඔවුන්ගේ වේදිකා පුරා නලියන ආවේගශීලි සටන් පාඨ ඔබ තව දුරටත් රැවටීමට ලක් කරනවා. ඔබ නැවත වතාවක් රැවටෙන්න යන්නේ. ඔබ මේ දුප්පත් බවට ඒ සියලු දෙනාම වගකියන්න ඕන. ''


ඒ නිසා මේකෙන් ඔබ්බට ගිය නිශ්චිත වැඩපිළිවෙලක් තුළ යාම සදහා ඔබ තීරණයක් ගන්න ඕන. අද මේ ජනතාව ලොකු ගැටළු ගොඩක් දරාගෙන සතුටින් ඉන්නේ. එවැනි ප්‍රශ්න තිබියදීත් ඔබ සතුටින් ඉන්න එකට මම ආචාර කරනවා. ඔබ තවදුරටත් ලැයිම් කාමරවල සිටිය යුතු නැහැ. ඒ නිසා දැන් මේ තියෙන ගොබ්බ වැඩේට තියෙන විකල්ප වැඩපිළිවෙල තමයි ව්‍යවසායකත්ව රාජ්‍ය කියලා. සෑම රටක්ම එහි ජනතාව මෝටිවේට් කරලා අවුස්සලා පන දීලා එක ජාතියක් ලෙස නැගිටිමු කියලා රටවල් ගොඩ නගනකොට අපි එකිනෙකාට වෛර කරන සමාජයක් හදනවා නම් කොහොමද අපි ජාතියක් ලෙස නැගිටින්නේ. 

මේ රටේ තිස් අවුරුදු යුද්දයක් තිබුනා. ඒ සදහා විවිධ රජයන් ආයෝජනය කළා. හෙලිකොප්ටර් ගෙනාවා. අවි ආයුධ ගෙනාවා. හැබැයි යුද්දය අවසන් කරන්න බැරි වුණා. ඇයි? හැමදාම තියෙන එක ප්‍රශ්නයක් නිසා. ඒ තමයි අපි ජාතියක් ලෙස අභිප්‍ර්රණය වෙලා එකමුතු වෙලා හිටියේ නැහැ අපි මෙය අවසන් කල යුතුයි කියලා. හැබැයි මගේ ආයතනයේ මිතුරන් සමග එකතුවෙලා නිර්මාණය කළ "අපි වෙනුවෙන් අපි" ඒ ව්‍යාපෘතිය තුළ අපිට පුළුවන් වුණා ශ්‍රී ලංකා ජාතිය අභිප්‍රේරණය කරන්න. යුද්ධය වෙලාවේ ගැටළු දෙකයි තිබුණේ. යුද්ධයට බැදුණු සොල්දාදුවන් ගෙදර ගියාම නැවත එන්නේ නැහැ. හමුදාව හැර යාමේ අනුපාතය සියයට 70 දක්වා ගියා. එතකොට දැන්වීමක් දැම්මා හමුදාවට මිනිසුන් බදවා ගන්න බැහැ. ඒ නිසා තමයි මේ යුද්ධය අවසන් කර ගන්න බැරි වුණේ. නමුත් අපි කරපු අභිප්‍රේරණ වැඩසටහන "අපි වෙනුවෙන් අපි" වැඩසටහන ආණ්ඩුවට සතයක්වත් වියදම් නොවූ වැඩසටහන, අපි අතින් වියදම් කරලා කරපු වැඩසටහන නිසා පෝලිමේ ආවේ හමුදාවට බැදෙන්න. හමුදාව හැර යාම සියයට 4 දක්වා අඩු වුණා. ඒ නිසා එදා තමයි අපි දැක්කේ යුද්ධය අවසන් වන ලකුණු. 


අද තියෙන්නේ ආර්ථික යුද්දයෙන් ගොඩ එන්න. මේ යුද්දයෙන් ගොඩ එන්න බැරි වෙලා තියෙන්නේ මේ කාලකන්නි දේශපලනය නිසා. දැනට මේ දේශපාලනයේ සිටින ඔක්කොම අය ඉන්නේ එකට. හාවක් හුවක් නැතුව මේ සියලු පෞද්ගලික කිරීම් කරගෙන යන්න පුළුවන් වෙලා තියෙනවා. මේ රට දැන් හරි වෙහෙසකරයි. දැන් අපිට එදා වේල කන එක ගැටළුවක්. ඒ නිසා ජනතාවට අවංක වෙන්න. තමන් ගැන විතරක් හිතන්න එපා. මහජන නියෝජිතයින් හිතන්න මේ ගැන. ඔබේ පෝස්ටර් අලවන්න ආපු මිනිසුන්ට අවංක වෙන්න. හැබැයි ඔවුන්ට ඕන ජයග්‍රහණය විතරයි. අපේ පක්ෂ හොද කශේරුකාවක් සහිත පක්ෂයක්. අපි කොහෙටවත් මුක්කු ගහන්නේ නැහැ. මේ රට එන්න එන්නම අගාධයට යනවා නම් අපිට දුකක් නැද්ද. අපි මව්බිම ජනතා පක්ෂය හරහා ජනතාවට අවශ්‍ය බලාපොරොත්තු ඉෂ්ඨ කරනවා."

මෙම සමුළුව සදහා මව්බිම ජනතා පක්ෂයේ සභාපති හිටපු ඇමති ආචාර්ය සරත් අමුණුගම, නැගෙනහිර පළාතේ හිටපු ආණ්ඩුකාර අනුරාධා යහම්පත් එක්ව සිටියහ. 

Dilith 1
dilith 2
dilith 3

dilith 4

dilith 5

dilith 6

dilith7

dilith 8

dilith9

dilith 10


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්