කතානායක මහින්ද යාපා අබේවර්ධන විශ්වාසය කඩ බවට චෝදනා කරමින් ඔහුට එරෙහිව

විශ්වාස භංගයක් ගෙන ඒමට විපක්ෂය සැරසෙන මෙහෙතෙක කතානායකවරයා ශ්‍රේෂ්ඨාධිකරණ නිර්ණය උල්ලංඝණය කළ ආකාරය ගැන පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල පැහැදිලි කර තිබේ.

“පනත් කෙටුම්පතේ 11(ඈ) වගන්තියේ සඳහන් ආකාරයට තහනම් ප්‍රකාශයක් ජනතාව දකින එක වැලැක්වීමට පියවර ගන්නා ලෙස අන්තර්ජාල සේවා සපයන්නන්නට කොමිසම විසින් නියෝග කරන්න පෙර මහෙස්ත්‍රාත් අධිකරණයෙන් නියෝගයක් ලබා ගත යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරලා තිබෙනවා.  නමුත් ඒ සංශෝධනය පනතට ඇතුළු කරලා නෑ. ඒ වගේම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් 27(6) වගන්තිය ඇතුළු සෑම තැනකම සතියක් කල් දීලා තිබෙන තැන් වල දී සති දෙකක් හෝ ඊට වඩා වැඩි කාලයකට ඒක සංශෝධනය කරන මෙන් උපදෙස් දීලා තිබුණත් ඒකට අනුගත වෙලා නෑ.  මේ අවස්ථා ගණනාවක් පනත පුරා දකින්න පුළුවන්.” යැයි මන්ත්‍රීවරයා කියා සිටියේය.

ඔහු එම කාරනා සඳහන් කර සිටියේ අද දින (04) පිවිතුරු හෙළ උරුමය පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

ආණ්ඩුවට විසින් ගෙන ඒ පනත ඒ ආකාරයෙන්ම සම්මත කර ගැනිමට නම් තුනෙන් දෙකේ බහුතරයක් අවශ්‍ය බවත් තුනෙන් දෙක වෙනුවට සාමාන්‍ය බහුතරයෙන් සම්මත කර ගන්න නම් ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් සංශෝධන ක්‍රියාත්මක කළ යුතු තිබු බව ඔහු සඳහන් කළේය.

නමුත් මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනත ආණ්ඩුව සම්මත කරන ලද්දේ ශ්‍රේෂ්ඨාධිකරණය යෝජනා කළ සංශෝධන නොකර ඒත් සාමාන්‍ය බහුතරයෙන් බවටයි උදය ගම්මන්පිල මන්ත්‍රීවරයා චෝදනා කරන්නේ.


තුනෙන් දෙකේ බහුතරයෙන් සම්මත කරන්න අවශ්‍ය වගන්ති සාමාන්‍ය බහුතරයෙන් සම්මත කිරීම ව්‍යවස්ථාව අමු අමුවේ උල්ලංඝණය කිරීමක් ලෙස මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.


මේ සම්මත කරගැනීම්  ශ්‍රේෂ්ඨාධිකරණ නිර්ණවලට පටහැනී කියලා විපක්ෂය පෙන්වා දුන්නම කතානායකවරයා ඒවා නොසලකා සම්මත කරගැනිමට ඉඩ ලබා දුන් බවටද මන්ත්‍රීවරයා චෝදනා කරයි.

එසේ ශ්‍රේෂ්ඨාධිකරණ නිර්ණවලට පටහැනී සම්මත කරගන්නා ලද පනත් කෙටුම්පතට පෙබරවාරි 01 වැනිදා කතානායකවරයා අත්සන් තැබිමෙන් පසුව එය නීතියක් බවට පත් විය.

“අපේ ව්‍යවස්ථාවේ 83වන වගන්තියේ කියනවා නීතියක් සම්මත කර ගැනීමේ ක්‍රියාවලිය අධිකරණය ඉදිරියේ අභියෝග කරන්න බෑ කියලා.  මෙවැනි නීතිවිරෝධී විදිහට පනත් සම්මත කල අවස්ථාවලදී ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු දැම්මාම අපිට නීති සම්පාදනයට මැදිහත් වෙන්න බෑ කියන තීරණය ශ්‍රේෂ්ඨාධිකරණය අරගෙන තිබෙනවා. මේ පනත් කෙටුම්පත සම්බන්ධයෙනුත් පෙත්සමක් ඉදිරිපත් වුනා. ශ්‍රේෂ්ඨාධිකරණය ව්‍යවස්ථාවේ 83වන වගන්තිය උපුටා දක්වමින් මෙම පෙත්සම විභාගකිරීම ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේපකලා.”  

කතානායකතුමන් තමන් කෙරෙහි පාර්ලිමේන්තුව තැබූ විශ්වාසය, ශ්‍රේෂ්ඨාධිකරණය  තැබූ විශ්වාසය, වගේම ව්‍යවස්ථාව තැබූ විශ්වාසය අමු අමුවේ උල්ලංඝණය කර ඇති බැවින් ඔහුට එරෙහිව ගෙන ඒමට නියමිත විශ්වාස භංග යෝජනාව සාධාරණ බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල තවදුරටත් අවධාරණය කළේය.


4456fghමෙම මාධ්‍ය හමුවේදී පක්ෂයේ පාරිසරික ලේකම් ඉංජිනේරු ප්‍රසන්න අමරතුංග ද අදහස් දැක්වූ අතර කොළාන්නාව ආසන සංවිධායක අමිල මණතුංග ද මේ අවස්ථාවට එක්විය


කතානායක විශ්වාසය බින්ඳේ මෙහෙමයි...

අදාල කාරණය තවදුරටත් පැහැදිලි කළ නීතිඥ ගම්මන්පිල මන්ත්‍රීවරයා මෙසේ සඳහන් කලේය.

''මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනත සම්මත කර ගැනීමේ දී කතානායකතුමා ශ්‍රේෂ්ඨාධිකරණ නිර්ණයට පටහැනිව කටයුතු කිරීම නිසා එතුමාට එරෙහිව විපක්ෂය විසින් විශ්වාස භංග යෝජනාවක් ගෙනැවිත් තිබෙනවා.  කතානායකතුමා ශ්‍රේෂ්ඨාධිකරණ නිර්ණය අමු අමුවේ උල්ලංඝණය කළ නිසා අපි ඒකට පක්ෂව ඡන්දය දෙනවායි විපක්ෂයේ මන්ත්‍රිවරු කියනවා.  නෑ. නෑ. කතානායකතුමා එහෙම උල්ලංඝණය කිරීමක් කරලා නැති නිසා අපි එතුමාව රකිනවා කියලා ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රිවරුන් කියනවා.  කතානායකතුමා ශ්‍රේෂ්ඨාධිකරණ නිර්ණය උල්ලංඝණය කළා කියලා විපක්ෂයේ හැමෝම කිව්වත් උල්ලංඝණය කලේ කොහොමද කියලා කවුරුත් කියන්නේ නෑ.  

ඇත්තටම කතානායකතුමා උල්ලංඝණය කලේ කොහොමද කියලා අපි සොයා බලමු.

පනත් කෙටුම්පතේ 11(ඈ) වගන්තියේ සඳහන් ආකාරයට තහනම් ප්‍රකාශයක් ජනතාව දකින එක වැලැක්වීමට පියවර ගන්නා ලෙස අන්තර්ජාල සේවා සපයන්නන්නට කොමිසම විසින් නියෝග කරන්න පෙර මහෙස්ත්‍රාත් අධිකරණයෙන් නියෝගයක් ලබා ගත යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරලා තිබෙනවා.  නමුත් ඒ සංශෝධනය පනතට ඇතුළු කරලා නෑ.  ඒ වගේම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් 27(6) වගන්තිය ඇතුළු සෑම තැනකම සතියක් කල් දීලා තිබෙන තැන් වල දී සති දෙකක් හෝ ඊට වඩා වැඩි කාලයකට ඒක සංශෝධනය කරන මෙන් උපදෙස් දීලා තිබුණත් ඒකට අනුගත වෙලා නෑ.  මේ අවස්ථා ගණනාවක් පනත පුරා දකින්න පුළුවන්.

ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පනත් කෙටුම්පතක් සම්බන්ධයෙන් ලබා දෙන්නේ නිර්ණයක් මිස නියෝගයක් නොවේ.  ශ්‍රේෂ්ඨාධිකරණයට කියන්න පුළුවන් කාරණා පහක් පමණයි.

1) මේ වගන්තිය ව්‍යවස්ථාවට අනුකූලයි.  සාමාන්‍ය බහුතරයෙන් සම්මත කරන්න පුළුවන්.*

2) මේ වගන්තිය ව්‍යවස්ථාවට පටහැනි නිසා තුනෙන් දෙකේ විශේෂ බහුතරයෙන් සම්මත කරන්න ඕනි.

3) මේ වගන්තිය ව්‍යවස්ථාවට පටහැනි නිසා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ විශේෂ බහුතරයකින් අනුමත කරනවාට අමතරව ජනමත විචාරණයක දී ජනතාව විසින් ද අනුමත කරන්න ඕනි.*

4) මේ විධියට වගන්තිය සංශෝධනය කලොත් සාමාන්‍ය බහුතරයෙන් අනුමත කර ගන්න පුළුවන්.

5) මේ විධියට වගන්තිය සංශෝධනය කලොත් ජනමත විචාරණය වෙනුවට තුනෙන් දෙකේ විශේෂ බහුතරයෙන් පමණක් අනුමත කර ගන්න පුළුවන්.*


ආණ්ඩුවට තමන්ගේ පනත ගෙනාපු විධියටම සම්මත කර ගන්න ඕනි නම් තුනෙන් දෙකේ බහුතරයෙන් සම්මත කර ගන්න ඕනි.  තුනෙන් දෙක වෙනුවට සාමාන්‍ය බහුතරයෙන් සම්මත කර ගන්න නම් ශ්‍රේෂ්ඨාධිකරණය කියපු සංශෝධන කරන්න ඕනි.  නමුත් මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනත ආණ්ඩුව සම්මත කර ගත්තේ ශ්‍රේෂ්ඨාධිකරණය යෝජනා කළ සංශෝධන නොකර ඒත් සාමාන්‍ය බහුතරයෙන්.  දොං නම් දොං.  සිමං නම් සිමං.  දොං සිමං දෙකක් බෑ.


ඒ අනුව තුනෙන් දෙකේ බහුතරයෙන් සම්මත කරන්න අවශ්‍ය වගන්ති සාමාන්‍ය බහුතරයෙන් සම්මත කිරීම ව්‍යවස්ථාව අමු අමුවේ උල්ලංඝණය කිරීමක්. ආණ්ඩුව විසින් පනත් කෙටුම්පතක් එලෙස සම්මත කර ගත්තම ඇයි කතානායකට එරෙහිව විශ්වාස භංග ගේන්නේ. මේ සම්මත කරගැනීම්  ශ්‍රේෂ්ඨාධිකරණ නිර්ණවලට පටහැනී කියලා විපක්ෂය පෙන්වා දුන්නම කතානායකවරයා ඒවා නොසලකා සම්මත කරගන්න ඉඩ ලබාදුන්නා.     යම් පනත් කෙටුම්පතක් නීතියක් වෙන්න ව්‍යවස්ථානුකූලව සම්මත වුණු බවට කතානායක විසින් අත්සන් තබා සහතික කරන්න ඕනි.  ව්‍යවස්ථානුකූලව සම්මත වුණු බවට පෙබරවාරි 1 දා කතානායක සහතික කර අත්සන් තැබුවා. ඒ අනුව කතානායකතුමන්ට එයට වග කියන්න වෙනවා. අපේ ව්‍යවස්ථාවේ 83වන වගන්තියේ කියනවා  නීතියක් සම්මත කර ගැනීමේ ක්‍රියාවලිය අධිකරණය ඉදිරියේ අභියෝග  කරන්න බෑ කියලා.  මෙවැනි නීතිවිරෝධී විදිහට පනත් සම්මත කල අවස්ථාවලදී ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු දැම්මාම අපිට නීති සම්පාදනයට මැදිහත් වෙන්න බෑ කියන තීරණය ශ්‍රේෂ්ඨාධිකරණය අරගෙන තිබෙනවා. මේ පනත් කෙටුම්පත සම්බන්ධයෙනුත් පෙත්සමක් ඉදිරිපත් වුනා. ශ්‍රේෂ්ඨාධිකරණය ව්‍යවස්ථාවේ 83වන වගන්තිය උපුටා දක්වමින් මෙම පෙත්සම විභාගකිරීම ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රථික්ෂේපකලා.

අපේ රටේ ව්‍යවස්ථාවේ කතානායකවරයා ගැන අනුපමේය විශ්වාසයක් තියලයි තියෙන්නේ. අපේ රටේ බැරිවුනාට අසල්වැසි ඉන්දියාව ඇතුළු ලෝකයේ බොහෝ රටවල පනත් කෙටුම්පතක් සම්මත වූ පසුවද එහි ව්‍යවස්ථානුකූලත්වය ගැන අධිකරනය ඉදිරියේ අභියෝගයට ලක් කරනන් පුළුවන්. ඒ වගේම ශ්‍රේෂ්ඨාධිකරණය තමන්ගේ මතය ලිඛිතව එව්වේ කතානායකටයි.

ඒ අනුව කතානායකතුමන් තමන් කෙරෙහි පාර්ලිමේන්තුව තැබූ විශ්වාසය, ශ්‍රේෂ්ඨාධිකරණය  තැබූ විශ්වාසය, වගේම ව්‍යවස්ථාව තැබූ විශ්වාසය අමු අමුවේ උල්ලංඝණය කර තිබෙනවා. අන්න ඒ නිසා තමයි කතානායකට එරෙහිව විශ්වාස භංග යෝජනාව සාධාරණ වෙන්නේ. ''

 


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්