මාස කිහිපයක් ඇමරිකා එක්සත් ජනපදයේ සිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ අද (5) පෙරවරු 8.16ට

එමිරේට්ස් ගුවන්සේවයට අයත් ඊ.කේ 650 දරණ ගුවන් යානයෙන් මෙරටට පැමිණියේය.

අමාත්‍ය ප්‍රසන්න රණතුංග, රෝහිත අබේගුණවර්ධන හා රාජ්‍ය අමාත්‍ය ඩී.වී චානක ගුවන්යානයටම ගොස් බැසිල් රාජපක්ෂ පිළිගත්තේය. 

බැසිල් රාජපක්ෂ පිළිගැනීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නාමල් රාජපක්ෂ, සංජීව එදිරිමාන්න, කෝකිලා හර්ෂණි ගුණවර්ධන, මහාචාර්ය රංජිත් බණ්ඩාර, සහන් ප්‍රදීප් විතාන, ජයන්ත කැටගොඩ, ඉන්දික අනුරුද්ධ, අරුන්දික ප්‍රනාන්දු, තිස්සකුට්ටිආරච්චි ඇතුළු මන්ත්‍රීවරුන් 25ට ආසන් පිරිසක් ගුවන්තොටුපළ විශේෂ අමුත්තන්ගේ කාමරයේ රැඳී සිටියහ.

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්