රටේ විප්ලවයක් කරන්න උත්සාහ කරනවා යැයි පවසන විප්ලවවාදීන්ගේ ත්‍රස්තවාදය නිසා ජීවිත අහිමි වීම් විශාල ප්‍රමාණයක් සිදු වූ බවට

විපක්ෂ නායකවරයා චෝදනා කර තිබේ.

උතුරේ මෙන්ම දකුණේ ද ත්‍රස්තවාදයක් ක්‍රියාත්මක වූ බවත් නැවතත් මෙවැනි ඛේදවාචකයක් රට තුළ නිර්මාණය නොවිය යුතු බවයි සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයා අවධාරණය කරන්නේ.

ඇමරිකානු ඩොලර් බිලියන 90ක් රට ණය වී ඇති බැවින් 2019 වූ ආකාරයේ වරදක් නැවත නොකරන ලෙසයි විපක්ෂ නායකවරයා ඉල්ලා සිටින්නේ.

එම රජය ගත් අමනෝඥ තීන්දු තීරණ නිසා රට විනාශ වූ බවත් නැවත වරක් එවැනි දෙයක් වුවහොත් රටට වෙන දෙය සිතා ගත නොහැකි බවයි ඔහු පෙන්වා දෙන්නේ.

සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහනේ 119 වැනි අදියර යටතේ මොණරාගල බුත්තල ලුණුගල යෝධවැව මහා විද්‍යාලයට රුපියල් ලක්ෂ 10ක් වටිනා සුහුරු පන්ති කාමරයක් ලබා දීමේ අවස්ථාවට එක්වෙමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මේ බව කියා සිටියේය.


අධ්‍යාපනයට මුදල් සෙවිය හැකි ක්‍රම රාශියක් තියෙනවා


රට බංකොලොත් වී ඇති අවස්ථාවක අධ්‍යාපනය සඳහා අමතර මුදල් වෙන් කරන්න නොහැකි බවට රජය පැවසුවත් රටේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ දියුණුව වෙනුවෙන් මුදල් සෙවිය හැකි ක්‍රම රාශියක් පවතින බවත් ඒ ක්‍රම තුළින් පවතින අධ්‍යාපන ක්‍රමය වඩාත් හොඳ ගුණාත්මකභාවයෙන් යුක්තව ලබා දිය හැකි බව ද විපක්ෂ නායකවරයා පැවසීය.

රටේ සෑම පාසලකම අබලන් වූ අංග රාශියක් ඇති බැවින් එම අබලන් ස්ථාන නඩත්තු කරන්න කිසිවකුත් නොමැති නිසා පාසල් ඉදිකරන්න පමණක් නොව නඩත්තු කටයුතු සඳහා ද වැඩසටහනක් අවශ්‍ය බව පැවසු විපක්ෂ නායකවරයා ඒ සඳහා ප්‍රාදේශීය ව්‍යාපාරිකයන් හා ධනපතියන් උපයෝගී කර ගත හැකි බව වැඩිදුරටත් කියා සිටියේය.

 
(චතුරංග මේදිස්)



worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්