සෞඛ්‍ය සේවයේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය තුළ තාක්ෂණිකව හොරකම් කිරීමේ ක්‍රමවේදය සම්බන්ධව

මතු පරපුර දැනුවත් කිරිමේ අරමුණින් පොතක් ලෙස මුද්‍රණය කර බෙදාහරින බවට සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය පවසයි.


එහි කැඳවුම්කාර රවී කුමුදේශ් පවසන්නේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රසම්පාදන අතිරේක ලේකම්, සමන් රත්නායක විසින් මාර්තු 05 වැනිදා අධිකරණය වෙත ලබා දීමට නියිමිත පාපොච්චාරණය අවංකව සිදු කලහොත් එය සෞඛ්‍ය සේවය වෙනුවෙන් ඔහුට කල හැකි අවසන් යුතුකම බවයි.

“අතිරේක ලේකම්ගේ පාපොච්චාරණය ගැන හරියට කලොත්, අපි අවුරුදු ගණනාවක් සෞඛ්‍ය බලධාරීන්ගෙන් පීඩා විඳිමින් හෙලි දරව් කල 'තාක්ෂණික හොරකම්' ජාලයේ කථාව සජීවීව ඉදිරිපත් වේවි. අපි කවදා හරි දවසක, ඒ කථාව මතු පරපුර සඳහා පොතක් විදිහට මුද්‍රණය කරලා බෙදා හරිනවා.”

ප්‍රසම්පාදනය සඳහා විශේෂඥ වෛද්‍යවරයෙකු එම කමිටුවේ නොසිටිම අඩු පාඩුවක් නොවන බවත් එවැනි වෛද්‍යවරයකු සිටියා නම් සිදුවනුයේ වංචාව හසුවීම නවත්වාගැනිමට හැකි විම බවටයි ඔහු පෙන්වා දෙන්නේ.

“ප්‍රසම්පාදන ඇගයුම සිදු කල වෛද්‍ය වෘත්තිකයින් දෙදෙනාම තවම නිදැල්ලේ. මෙම ප්‍රසම්පාදනය සඳහා විශේෂඥ වෛද්‍ය වරයෙකු ඇගයුම් කමිටුවේ නොසිටීම විශාල හේතුවක් කියලා කියන්න සමහරු උත්සාහ ගත්තාට ඒක ඇත්ත නෙවේ. නමුත්  එහෙම කෙනෙකුත් මේ ජාලයට එකතු කර ගත්තානම් හොරකම අහුවෙන එක නවත්වා ගන්න තිබුණා.

විශේෂඥ වෛද්‍යවරු කිහිප දෙනෙකුගේ උපදෙස්, ප්‍රසම්පාදනය අවුල් තේරුම් ගන්න අනවශ්‍ය ලෙස දායක කර ගැනීමෙන් අපරාධ පරීක්ෂණය නොමග යෑමේ අවධානමක් තිබෙනවා.

මෙම වංචනික හොරකම් ජාලයේ සැපයුම් තවම ගොඩ බාමින් තිබෙනවා. වෙනසක් නෑ, අළුත් අමාත්‍යාංශයත් වංචනිකව ගෙනාපු පැපොල් කරලා මිලදී ගනිමින් තිබෙනවා.” යැයි රවි කුමුදේශ් පවසයි.


''ඉමියුනෝග්ලොබියුලින් වංචා ජාලයෙන් විතරක් රුපියල් බිලියන විස්සකට වඩා නැවත අය කර ගන්න සෞඛ්‍ය අමාත්‍යාංශයට ඕනේමනං පුළුවං. ඒත් ඒ කාලේ ප්‍රසම්පාදන නීතිවල ඇස් වහලා වංචනිකව ගෙනාපු ඖෂධ ඇතුළු වෛද්‍ය සැපයුම් පැපොල් ඇපල් කරන න්‍යායෙන් මිල දී ගන්න එක තමා තවමත් කරමින් ඉන්නේ..''


(චතුරංග මේදිස්) 

 


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්