"ජනාධිපති ධුරයෙන් මා නෙරපීමේ කුමන්ත්‍රණය" යන මැයෙන් රචිත තමන්ගේ කෘතිය එළි දැක්වීම 2024 මාර්තු මස 07 වැනි බ්‍රහස්පතින්දා සිදු කෙරෙන බව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නිවේදනය කර සිටියි.


එම නිවේදනයේ මෙසේ සඳහන් වේ. 

'' 2009 දී දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානයට එරෙහි යුද්ධය අප ජයග්‍රහණය කළ අවස්ථාවේ සිට ශ්‍රී ලංකාවට එරෙහිව විදේශීය මැදිහත් වීම් උත්සන්න විය. 2019 නොවැම්බර් මාසයේ දී මා ජනාධිපති ලෙස තේරී පත් වූ මොහොතේ සිටම ඇතැම් විදේශීය සහ දේශීය පාර්ශ්ව මා බලයෙන් පහ කිරීමට මාන බලමින් සිටියහ. 

මා ජනාධිපති ලෙස බලයේ සිටි අවුරුදු දෙකහමාරක පමණ මුළු කාලයම පාහේ එකල ශ්‍රී ලංකාව සහ මුළු ලෝකයම පුරා පැතිර ගිය කොවිඩ් - 19 වසංගතය පාලනය කිරීමට ගත විය. කුමන්ත්‍රණකාරී බලවේග මා ජනාධිපති ධුරයෙන් නෙරපා හැරීමේ දේශපාලන ව්‍යාපාරය 2022 මාර්තු අග දී ආරම්භ කළේ වසංගතය පාලනය කර එන්නත් ව්‍යාපාරය සම්පුර්ණ කර ආර්ථිකය ද නැවත යථා තත්ත්වයට පත් වෙමින් තිබූ අවස්ථාවකදීය.

 

මේ රට නිදහස ලබා ගත වූ පළමු හැට වසර තුළ කිසිදාක අත්විඳ තිබූ නැති අන්දමින් අද වන විට මේ රට තුල විදේශ මැදිහත්වීම් සහ අභ්‍යන්තර දේශපාලනය බාහිර පාර්ශ්වයන් විසින් හැසිරවීම සිදු වෙමින් පවතී. මා ජනාධිපති ධුරයෙන් නෙරපා හැරීමේ දේශපාලන ව්‍යාපාරය නිදහස ලැබීමෙන් පසු මැතිවරණ ප්‍රතිඵල මත සාමකාමී බල හුවමාරු පමණක් අත්විඳ තිබු ශ්‍රී ලංකාවේ දේශපාලනයට නව මානයක් එක් කර ඇත. එම නිසා 2022 සිදුවීම් මේ රටේ දේශපාලන අනාගතයට බරපතළ නිෂේධනාත්මක ආනිසංස ඇති කරන කාරණයකි. 

 

මෙම කෘතියේ අන්තර්ගතය වන්නේ ජාත්‍යන්තර අනුග්‍රහය සහිත පාලන තන්ත්‍රය වෙනස් කිරීමේ මෙහෙයුමක් පිළිබඳ සෘජු අත්දැකීමකි. ඒ නිසා මේ කෘතිය ශ්‍රී ලාංකිකයන්ට පමණක් නොව විදේශිකයන්ටත් වැදගත් වේ යැයි මම විශ්වාස කරමි. 

හෙට, එනම් 2024 මාර්තු මස 07 වැනි බ්‍රහස්පතින්දා සිට ප්‍රමුඛ පෙළේ පොත් අලෙවිසැල්වලින් මගේ මෙම කෘතිය ඉංග්‍රීසි සහ සිංහල යන භාෂා දෙකෙන්ම ලබාගත හැක.

 

WhatsApp Image 2024 03 06 at 1.54.57 PM

WhatsApp Image 2024 03 06 at 1.54.56 PM

ජනාධිපති ධුරයෙන් මා නෙරපීමේ කුමන්ත්‍රණය - පසු සටහන 

 

මෙම කෘතියේ අන්තර්ගතය වන්නේ ප්‍රජාතන්ත්‍රවාදීව බලයට පත් වූ ජනාධිපතිවරයකු විදේශීය පාර්ශ්වයන්ගේ මැදිහත්වීමෙන් සහ ශ්‍රී ලාංකේය සමාජයේ විශේෂිත කොටස් ගණනාවක සහභාගීත්වයෙන් දියත් කරන ලද කුමන්ත්‍රණ සහ ප්‍රචණ්ඩකාර් උද්ඝෝෂණ තුළින් නෙරපා හැරීම පිළිබඳ වෘත්තාන්තයයි. 

1931 සිට සර්වජන ඡන්ද බලය භුක්ති විද, 1948 දී නිදහස ලැබීමෙන් පසු සාමකාමී සහ ව්‍යවස්ථානුකූල ආණ්ඩු වෙනස්කම් පමණක් අත්දැක තිබුණු ශ්‍රී ලංකාවේ දේශපාලනයට 2022 සිදුවීම් නව මානයක් එක් කළේය. 2009 දී දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානයට එරෙහි යුද්ධය අවසන් වීමෙන් පසු හේතූන් ගණනාවක් නිසා ශ්‍රී ලංකාව තුළ විදේශීය මැදිහත්වීම් උත්සන්න විය. ශ්‍රී ලංකාව නව යටත්විජිතවාදී ග්‍රහණයට හසු කර ගැනීමේ උපාය මාර්ගය වූයේ රට තුළ වාර්ගික හා ආගමික දේශපාලනය මෙහෙයවීම සහ රටේ ආර්ථිකය බිඳ දැමීමයි. මේ ලියවිල්ලට පාදක වී ඇත්තේ එම දේශපාලන කුණාටුවේ කේන්ද්‍රස්ථානයේ සිට ලැබූ අත්දැකීමයි.

කතුවරයා 1971 දී කැඩෙට් නිලධාර්ෂයෙකු ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට බැඳී, වසර 20ක සේවා කාලයකින් පසු 1991 දී ලුතිනන් කර්නල්වරයෙකු ලෙස විශ්‍රාම ගියේය. කොළඹ විශ්ව විදනලයෙන් සුදුසුකම් ලැබීමෙන් පසු ඔහු ඇමරිකා එක්සත් ජනපදයට සංක්‍රමණය වී කැලිෆෝනියාවේ ලොයෝලා නීති විදහලයේ තොරතුරු තාක්ෂණ වෘත්තිකයෙකු හැටියට සේවය කළේය. 

2005 දී මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ ආරක්ෂක ලේකම්වරයා ලෙස පත් වූ ඔහු, එම තනතුරේ සිටිමින් දශක හතරකට ආසන්න කාලයක් ශ්‍රී ලංකාවේ පැවති බෙදුම්වාදී ත්‍රස්තවාදය අවසන් කරමින් දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය පරාජය කළ හමුදා මෙහෙයුම් අධික්ෂණය කළේය.

 පශ්චාත් යුද සමයේ ඔහු ඉතා සාර්ථක නාගරික සංවර්ධන වැඩ සටහනකට නායකත්වය සැපයීය. 2019 නොවැම්බර් මාසයේදී ඔහු ශ්‍රී ලංකාවේ ජනාධිපති ලෙස තේරී පත් වූ නමුත්, 2022 ජුලි මාසයේදී එම ධුරයෙන් ඉල්ලා අස්වීමට සිදුවිය.


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්