රාජ්‍ය සේවයේ සිටින වෘත්තීය වගකීම් දරණ සිය රාජකාරීවල විශේෂඥතාවක් දරණ වෘත්තීන්ට

සහ අනෙකුත් රාජ්‍ය සේවයකයන්ට වැටුප් වැඩි කරන්නේ කවදා දැයි විපක්ෂ නායකවරයා ප්‍රශ්න කරයි.

පසුගිය කාලයේ රාජ්‍ය සේවයේ විශේෂඥයන් සහ වෘත්තිකයන් වැටුප් වැඩි කරන ලෙස ඉල්ලීම් කළත් එම සහනය යම් පමණකින් ලැබුණේ වෛද්‍යවරුන්ට සහ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට පමණක් බවයි සජිත් ප්‍රේමදාස පෙන්වා දෙන්නේ.

රාජ්‍ය සේවකයන් 20,000ක වැටුප් වැඩි කිරීමක් ඉල්ලා සිටියත් එය ඉටු කිරිමට නොහැකි තත්ත්වයක් උඩ මහ බැංකු නිලධාරීන්ට වැටුප් දීමනා වැඩි කිරිමට ඉඩ ලබා දිමේ පුර්වාදර්ශය තුළ සමස්ත රජයේ නිලධාරීන්ට විසදුමක් ලබා දිය යුතු බවයි ඔහු අවධාරණය කරන්නේ.

රට බංකොලොත් කරන්න හවුල් අයගෙත් වැටුප් වැඩි කළා ද?

 

විපක්ෂ නායකවරයා ප්‍රශ්න කරන්නේ රට ආර්ථික වශයෙන් බංකොලොත්වීම සම්බන්ධයෙන් වගකිවයුත්තන් ගැන ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුවේ දී මහබැංකුවේ මූල්‍ය මණ්ඩලයේ සිටි පුද්ගලයන් ඒ සඳහා සෘජුවම වගකිව යුතු බවට හදුනා ගෙන තිබියදීත් බංකොලොත්භාවයෙන් මිදීමට වෙර දරන රටක ප්‍රධාන මූල්‍ය නියාමන ආයතනය තම වැටුප් වැඩි කිරිම සඳහා සදාචාරාත්මක අයිතියක් තිබේ ද යන්නයි.


රට බංකොලොත් කිරීමට හේතු වූ අජිත් නිවාඩ් කබ්රාල් හා ඩබ්ලිව්. ඩී. ලක්ෂ්මන්ටත් මෙම වැටුප් වැඩි වන්නේද කියා ගැටලු සහගත බව ද හෙතෙම සඳහන් කළේය.

මෙසේ වැටුප් වැඩි වීමට හේතුව උද්ධමනය හා බුද්ධිගලනය යැයි සඳහන් හෙයින් බුද්ධිගලනය වළක්වා ගැනීමට ඇති එකම ක්‍රමවේදය ලෙස මෙම ක්‍රමය රජය හඳුනා ගෙන ඇති බව මින් පෙනී යන බව ද විපක්ෂ නායකවරයා කියා සිටියේය.

මෙම ක්‍රියාවලිය සම්බන්ධයෙන් රජයේ ස්ථිවරය දැනගැනීමට අවශ්‍ය බව පැවසු විපක්ෂ නායකවරයා ජනතාව දැඩි පීඩනයට ලක්ව ඇති මොහොතක රාජ්‍ය සේවයේ කප්පාදු රැසක් සිදු කර ඇති මොහොතක මෙවැනි සිදුවීම් වැළැක්වීමට රජයට වැඩපිළිවෙළක් අවශ්‍ය බව ද අවධාරණ කළේය.

 


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්