පාර්ලිමේන්තු කමිටුවකට කෙටිකාලීන බලයක් ලබා දුනහොත් මාස හයකදී රාජ්‍ය ආදායම වර්ධනය කරන බව

එක්සත් ජනරජ පෙරමුණු නායක පවසා තිබේ.

මුදල් අමාත්‍යාංශය ඇතුළු පාර්ශ්ව ඊට සහාය දැක්විය යුතු බවත් රාජ්‍ය ආදායම වර්ධනය කිරීමේ ක්‍රමවේද, ක්‍රම සහ විධි කාරක සභාවට ඉදිරිපත් කර ඇති අතර ඒවා ක්‍රියාත්මක කිරීම සඳහා පාර්ලිමේන්තු කමිටුවට බලය අවශ්‍ය බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පෙන්වා දෙන්නේ.

“ශ්‍රී ලංකාවේ ගනුදෙනු සඳහා ඩිජිටල් වේදිකාවෙන් සැකසෙයි. ඒ යටතේ e  රුපියලක්, විදේශ ගමන් බලපත්‍රයක් සහ ජාතික හැදුනුම්පතක් ආදිය සැකසීමට පියවර ගැනේ. වියදම් සහ ආදායම් රැස් කිරීම Digital වේදිකාවක් ඔස්සේ සිදුකිරීමෙන් සියලු ගනුදෙනු වාර්තා වන තත්ත්වයක් නිර්මාණය කළ හැකිය. ඒ මත පදනම්ව බදු අය කිරීම විධිමත් කළ හැකියි.”

වැඩපිළිවෙල මාස හයක් තුළ සාර්ථක කරමින් රාජ්‍ය ආදායම වර්ධනය කළ හැකි බව අවධාරණය කරන මන්ත්‍රීවරයා ඒ සඳහා ක්‍රම සහ විධි කමිටුවට අවශ්‍ය බලතල ලබාදෙන්නැයි ජනාධිපතිවරයාගෙන් සහ මුදල් අමාත්‍යාංශයෙන් ඉල්ලා සිටි.

ඉන්ධන අර්බුදය විසඳීමට QR කේත ක්‍රමය ඵලදායි වු ආකාරයට Digital වේදිකාවද ඒ ආකාරයෙන්ම ඵලදායක බවයි මන්ත්‍රිවරයා පවසන්නේ.

දැනට බදු ගෙවිය යුතු ලක්ෂ පහළොවක පමණ පිරිසක් බදු ගෙවීම පැහැර හැර ඇති අතර බදු ගෙවිය යුතු සියලු පුද්ගලයන් නිවැරදිව හඳුනා ගනිමින් ඩිජිටල් වේදිකාව මගින් ඔවුන්ගෙන් නිවැරදිව බදු අය කිරීමට හැකියාව ලැබෙන බව ද එක්සත් ජනරජ පෙරමුණු නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.

  


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image